IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
 
තම පැටවුන් කිරි දී පෝෂණය කරන මෙම ක්ෂීරපායී මකුළුවා පනින මකුළුවන් හෙවත් Jumping Spider ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Toxeus magnus ටොක්සෙස් මැග්නස් නමින් හඳුන්වයි.
 
චීන විද්‍යා ඇකඩමියේ ශන්කි චෙන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම මකුළුවන් තම පැටවුන්ට කිරි දෙන සත්ත්ව විශේෂයක් බව පර්යේෂණයක් මගින් තහවුරු කර ඇති අතර  ඒ බව ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නොවැම්බර් 30දා කලාපයේ සඳහන් කර ඇත.
 
1933 වර්ෂයේ දී තායිවානයෙන් පළමුවරට සොයාගත් මේ මකුළු විශේෂයේ ප්‍රධාන ආහාරය පළතුරු මැස්සන් බව විද්‍යාඥයන් පවසයි. 
 
ඔවුන්ගේ විශේෂ හැසිරීම ගැන අවධානය යොමුකළ චීන විද්‍යාඥයන් 2012 වර්ෂයේ දී වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇත. කෙසේ වුවද මෙම සිද්ධිය ඔවුන්ට නිරීක්ෂණය වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයේ දී ය. 
 
පොඩි පැටවුන් සිය මව අසළට පැමිණ උදරයේ පහළ කොටස මිරිකා සුදු පැහැති යම් දියරයක් පානය කරන බව ඔවුහු අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළේය. උදරයට යටින් මෘදු ඇඟිල්ලක් වැනි යම් අවයවයකින් මේ දියරය වෑස්සෙන බව පර්යේෂකයෝ පවසති. 
 
බිහිවූ පසු පළමු දින 20 මවගේ කිරිවලින් යැපෙන මේ මකුළු පැටවුන් ඉන් පසු වෙනත් ආහාර ගත්ත ද තවත් සති තුනක පමණ කාලයක් මවගේ කිරි බීමට කටයුතු කරන බව ද පර්යේෂකයන් සඳහන් කරයි.
 
මෙම මකුළු කිරි පිළිබඳ කරන ලද අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ එහි මූලික සංරචක සියල්ල ක්ෂීරපායී සතුන්ගේ කිරිවලට සමාන බවයි.
 
කිරි මිලි ලීටරයක සීනි මිලිග්‍රෑම් දෙකක්, මේදය මිලිග්‍රෑම් පහක් සහ ප්‍රෝටීන මිලිග්‍රෑම් 124ක් අඩංගු වෙයි. පර්යේෂකයන් පවසන්නේ මේ කිරි එළදෙනකුගේ කිරිවලට වඩා හතරගුණයක් පෝෂණ ගුණයෙන් අධික බවයි.‍
 
(සයන්ස් නිවුස් ඇසුරිණි - 085)



අදහස් (0)

විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site