IMG-LOGO

ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට්  විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.

ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම බෝතලය නිපදවා ඇත.

මෙම බෝතලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ කඩදාසි හා ශාක පදනම් කරගත් අමු ද්‍රව්‍ය වලිනි.

එසේම මෙම බෝතලය සඳහා භාවිතා කර ඇති ලෝහමය වැස්ම වසරක් ඇතුළත දිරාපත් වන ලෙස නිර්මාණය කර ඇත.

මෙසේ ප්‍රතිශක්තීකරණය කරන ලද කඩදාසි විශේෂයකින් නිපදවීමට කිසිදු ෆොසිල ඉන්ධනයක් භාවිතා කර නැත.

මෙම බෝතලය මුහුදු ජීවින්‍ විසින් ආහාරයට ගන්නා අතර දිරාපත් වී පසට තැන්පත් වන බැවින් කිසිදු පාරිසරික හානියක්ද නොවේ.

පරිසර හිතකාමී මෙම නිෂ්පාදනයේ භාවිතය 2050 වන විට මෙට්‍රික් ටොන් මිලියන 500 ඉක්මවා යනු ඇතැයි බලාපොරොත්තු වේ.

ප්ලාස්ටික් භාවිතය නිසා සිදුවන හානිය ගෝලීය අර්බුදයක් වී ඇත. ප්ලාස්ටික් ටොන් මිලියන අටක් පමණ සෑම වසරකම සාගරයට මුදා හරිති. එම ප්ලාස්ටික් ප්‍රමාණය සෑම විනාඩියකටම ට්‍රක් රථයක පිරවූ ප්‍රමාණයට සමාන වේ.

සාගරයට පැමිණෙන ප්ලාස්ටික් ටොන් මිලියන 2.4 ක් පමණ කාර්මික නිෂ්පාදන බහුල චීනය විසින් සාගරයට මුදා හරිනු ලබයි. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන ආසියාතික රටවල් වැඩි වශයෙන් ප්ලාස්ටික් මුහුදට මුදා හරී.

කාර්මීකරණයේදී ප්ලාස්ටික් භාවිතා කරන බටහිර රටවල් අතරින් 20 වන ස්ථානයේ සිටින්නේ ඇමරිකාවයි.

- 209



අදහස් (1)

ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්

anura Sunday, 17 June 2018 01:43 AM

ඕවා මොනවද, අපේ රටේ හදලා තියෙනවා වොඩ්කා දැම්ම වතුර වන බෝතල්!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 538 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 606 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site