(ගයාන් සූරියආරච්චි)
බි‍්‍රතාන්‍යයේ ඇස්ටන් මාර්ටින් සමාගම ඇමෙරිකාවේ තාක්‍ෂණික තරුවක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගම සමඟ එක්වී සුපිරි ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවීමට බලාපොරොත්තු වේ.
නිපදවීමට බලාපොරෝත්තු වන මෝටර් රථය සම්පූර්ණයෙන්ම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් වන අතර ආසන 4 කින් යුක්තය. මෙය හඳුන්වනු ලබන්නේ RapidE ලෙසය. විලියම් ඇඩ්වාන්ස්ට් ඉංජිනියරිං සමාගම සමඟ අත්වැල් බැඳගෙන මෙය නිපදවන බව සඳහන් වේ.
ඇස්ටන් මාටින් සමාගම පවසනුයේ එක්වරක් චාජ් කළ පසුව සැතපුම් 200 ක් ගමන් කළ හැකි බවයි. ඒ අනුව තත්ත්පර 3 කදී පැයට සැතපුම් 0 ත් 60 ත් අතර වේගයක් රඳාපවතින බව ඔවුහු තහවුරු කරති. මෙම මෝටර් රථයේ වායු විමෝචනය 0 කි. මෙය නිර්මාණය කිරීමට පවුම් 230,000 ක් වැය වන බව සඳහන් වේ.

COMMENTS
තත්ත්පර 3 කදී පැයට කිලෝමීටර 0 ත් 100ත් අතර, ඒ කියන්නේ සැතපුම් 0 ත් 60 ත් අතර නේද?
බය වෙන්න දෙයක් නෑ. අපේ ඇමතිවරයෙක් ඕකත් ගෙන්නයි මෙහාට.... අපිට සුටුස් ගාලා බලන්න..