(විනීතා එම් ගමගේ)
අලි මිනිස් ගැටුම අවම කිරීමට තරංගමාලා සහිත නව ක‍්‍රමයක් යොදා ගැනීමට තිරසර සංවර්ධන හා වන ජීවී අමාත්‍යංශය තීරණය කොට ඇත.
අලියාගේ පියවර හඬට කිලෝ මීටර් 10 ක් ද කුංචනාදයට කිලෝමීටර් 20ක් ද දුරට සංවේදී වන තරංග මාලා සහිත මෙම ක‍්‍රමය සකස් කර ඇත්තේ විදේශ ගතව ජීවත් වූ ශ‍්‍රි ලාංකිකයෙක් වන පෘතුවිරාජ් ප‍්‍රනාන්දු විසිනි.
අතිශයින් අසාර්ථක වු අලි වැට තවදුටත් ඉදි නොකරන බවත් එයින් බලාපොරොත්තු වූ ප‍්‍රතිපල නොලැබෙන බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දී තිරසාර හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ඔය කියන ගරු ඇමතිතුමා සොමවතියේ බුදු රැස් දැක්ක වගේද දන්නේ නෑ. අලි වැට නැතුවට වන ජීවියෙ ලොකු මහත්තුරු අලි එන එක වලක්වන්න ඉතා පහසු සරල ක්‍රම දන්නවා. ඇයි ඒවා නොකරන්නේ?
මෙම ක්‍රමය ඇයි ඉක්මණට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? බොහෝ අලි ප්‍රශ්න මහියංගනය ප්‍රදේශයේ ඇත. මෙය ඉතා හොඳ ක්‍රමයකි.
අලින්ට සිරස් බැමිවලින් උඩට නගින්න බැහැ. වගා ළිංවලට වැටුනාම එයාලට ගොඩ එන්න බැහැ. ඒ න්‍යාය භාවිතාකර පාරවල් සහ ගංගා ඉවුරු උපයෝගීකොටගෙන සිරස් බැමි සාදා එයාලට අයිති ඉඩම් වෙන්කර දිය හැකියි නේද. මෙය සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් හොඳ වැඩක්. අලිමිනිස් ගැටුමත් නතරවේවි. මේ පිළිබඳව කතිකාවතකට කාලය එළඹ තිබේ.