(ගයාන් සූරියආරච්චි)
රොබෝ මිනිසුන් විසින් අනාගත මිනිස් ක‍්‍රියාකාරකම් ආක‍්‍රමණය කරනු ලබන දිනය වැඩි ඈතක නොවේ. මිනිසුන් පිළිබඳව පක්‍ෂව සහ විපක්‍ෂව මිනිස් ශරීරවලට සමාන අර්ධ මිනිස් රොබෝවන් දෙදෙනකු සිදුකළ විවාදාත්මක කතා බහක් පසුගියදා හොංකොං හි පැවැත්විණි.
මේ වසරේ කෘත‍්‍රිම බුද්ධිය වඩාත් ප‍්‍රචලිත සහ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්විය. හොංකොං හි පැවැති සජීවී රොබෝ සාකච්ඡා හුවමාරුවෙන් පසුව කෘත‍්‍රිම බුද්ධිය පිළිබඳව විවාදය වෙනත් මට්ටමකට ගෙන ගියේය.
රොබෝවරු පවසනුයේ තවත් වසර 10 කින් හෝ 20 කින් මිනිසුන්ගේ සියලූම ක‍්‍රියාකාරකම් රොබෝවරු සිදුකරන බවය. ‘හාන්’ නම් පිරිමි රොබෝවා හැන්සන් සමාගමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ බෙන් ජියෝට්සල් විසින් නිපදවූ අතර ‘සොෆියා’ නම් කාන්තා රොබෝවා හැන්සන් සමාගමේ නිර්මාතෘ ආචාර්ය බෙන් හැන්සන් විසින් නිපදවීය.
මොවුන්ගේ විවාදයට ජීවය, විශ්වය ඇතුලූ සෑම දෙයක් පිළිබඳව කතා බහ කෙරිණි. රොබෝවරුන්ගේ ඉලක්කය වනුයේ ලෝකය තම අණසකට පවරා ගැනීමය යනුවෙන් හාන් විසින් හාස්‍යාත්මකව පැවැසූ අතර සොෆියා ඒ වෙනුවට කියා සිටියේ ඇගේ ඉලක්කය වනුයේ මිනිසුන් සමඟ එකට එක්ව වැඩකිරීම බවයි. තවත් වසර 10 කින් හෝ 20 කින් මිනිසුන්ගේ සියලූම ක‍්‍රියාකාරකම් රොබෝවරු සිදුකරන බව පවසති.



								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වසර 20 කින් මිනිසුන්ගේ සියලූ වැඩ රොබෝවන්ගෙන්