(ගයාන් සූරියආරච්චි)
මධ්‍යම කැලිෆොර්නියාවේ ෆෙස්නෝ නගරයට ‘වොල්බැකියා පිපියන්ටිස්’ බැක්ටීරියාව ආසාදනය කර වඳ කරන ලද ඊඩිස් ඊජිප්ටි මදුරුවන් මිලියන 20 ක් මුදා හැරීමට නියමිත බව සඳහන්වේ.
ඊඞීස් ඊජිප්ටි මදුරුවා ඩෙංගු, සීකා සහ චිකුන්ගුන්යා රෝගකාරකයකු ලෙස හඳුන්වන අතර පරිසරයට මුදාහරින පිරිමි මදුරුවන් මිනිසුන්ට දෂ්ට නොකරන බව විද්‍යාඥයෝ සඳහන් කරති.
ගැහැණු මදුරුවන් බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු මිනිසුන්ට දෂ්ට කළද ඒ වනවිට රෝග කාරක බෝ කිරීමේ හැකියාවක් ඔවුනට නොමැත.
ගූගල්හි සහෝදර සමාගමක් වන වේරලි සමාගම සහ ඩීබග් ෆෙස්නෝ මදුරු මර්දන වැඩසටහන එක්ව මෙය ක්‍රියාත්මක කරන අතර එක් සතියකට මිලියනය බැගින් සති 20 ක් ඇතුළත මදුරුවන් මිලියන 20 ක් පරිසරයට මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
විද්‍යාඥයන් විසින් පරිසරයට මුදාහැරීමට නියමිත පිරිමි මදුරුවන් වොල්බැකියා පිපියන්ටිස් බැක්ටීරියාව ආසාදිත වඳ භාවයෙන් යුක්ත වන අතර පරිසරයේ සිටින ගැහැණු මදුරුවන් සමඟ සංසේචනයේ යෙදුණු පසු පිරිමි මදුරුවන්ගෙන් අදාළ බැක්ටීරියාව ගැහැණු මදුරුවාට සම්පේ‍්‍රෂණය වේ.
එමගින් ගැහැණූ මදුරුවාට බිත්තර දැමීමට නොහැකිවේ. මෙම ව්‍යාපෘතියෙන් මදුරුවන් බෝවීම ද පාලනය වන අතර ක‍්‍රමයෙන් වඳවී යයි. මෙම මදුරුවන් ජාන වෙනස්කර නිර්මාණය කළ මදුරුවන් නොවන බවත් මදුරුවන්ගේ ආයු කාලය ඉතා අඩු බැවින් ඩෙංගු, චිකුන්ගුන්‍යා සහ සීකා ලෝකයෙන් තුරන් කිරීමට හැකි බවත් විද්‍යාඥයෝ පවසති.


මෙම ලින්ක් එකට පිවිසෙන්න - https://www.youtube.com/watch?v=vVozrgEwi_Q
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි නිෂ්පාදනයක්... අපිට සිහිනයක් ...
ඔය ව්‍යාපෘතිය අපේ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා රාගම වෛද්‍ය පීටයේ සිදුකරනවා. එ්ක සිහිනයක් නෙමෙයි.
මෙමගින් මිනිසාට ඇතිවිය හැකි අතුරු අබාධ (side effects) අධ්‍යනයක් සිදු කර තිබෙනවද? මෙවැනි පර්යේෂණ මගින් මුළු මහත් මිනිස් සංහිතියක් පවා අවධානමකට ලක් කල හැකියි
ලංකාවේ නම් මදුරුවෝ වඳ කරනවා කියන්නේ සිහිනයක්.. මදුරු කොයිල් නිෂ්පාදක සමාගම් වලට රටේම ජනතාව විකුණලා ඉවරයි ලංකාව..
ලෝකයේ කොච්චර දියුණු දේවල් තියෙනවද එත් හොඳ දේවල් අපේ අය ගන්නේ නැ. ඩෙංගු නෙවෙයි නිකන් මදුරුවෝ නිසාත් මිනිස්සු කොච්චර දුක් විදිනවද. ඒත් කවදාවත් ඒවාට විසදුම් හොයල තියෙනවද?