(ගයාන් සූරියආරච්චි)
නෙදර්ලන්තයේ PAL-V සමාගම විසින් ගොඩබිම ගමන් කළ හැකි හා ගුවනේ පියසර කළ හැකි රෝද තුනක් සහිත රථයක් නිපදවා තිබේ.
මිනිසුන් දෙදෙනකුට ගමන් කළ හැකි අතර මහා මාර්ගවල ගමන් කිරීමට සහ අහසෙහි පියාසර කිරීමේ හැකියාව පවතී. ගුවනෙහි පියාසර කිරීමට අවශ්‍ය වූ විට හකුලා ගත් පියාපත් දිගහැර හෙලිකොප්ටරයක් මෙන් ගමන් කිරීමට මෙයට හැකිවෙයි.
පැයට කිලෝමීටර 105 ක වේගයෙන් ගමන් කිරීමට හැකි වන අතර අඩි 11,500 ක උඩ ගුවනින් ගමන් කරන බව සමාගම පවසයි.
වසරක පමණ කාලයක් අත්හදා බැලීම් වලින් පසුව සමාගම මෙම මෝටර් රථය නිපදවා තිබේ. සමාගම පවසනුයේ ඉගිලෙන මෝටර් රථ නිපදවන අනෙකුත් තරගකාරී සමාගම් පරදා ලොව දැවැන්තම නිෂ්පාදකයා වීම ඔවුනගේ අරමුණ බවයි.
ලබන ඔක්තෝබර් මාසයේ සිට ඉගිලෙන මෝටර් රථය නිෂ්පාදනය අරඹන අතර 2018 දී ප‍්‍රථම ගනුදෙනුව සිදුකිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රෝද තුනේ ඉගිලෙන රථය ඔක්තෝබරයේ
victor Monday, 26 June 2017 06:38 PM
බම්බුව , අපේ රෝද තුනේ අය ඉගිලෙන්න පටන් අරන් බොහොම කල්.