(ගයාන් සූරියආරච්චි)
ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.
ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.


මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.
පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.
‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’


‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’
‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’

‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.
ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.
COMMENTS
අපේ රට ගොඩ යන්න නම් මේ වගේ තාක්ෂණික උපකරණ නිපදවලා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ...
මගෙන් උණුසුම් සුභ පැතුම් !!!
නැකැත් බලලා, රාහු කාලය බලලා සුභමොහොතින් වැඩ අරඹන්න...
මගෙන් උණුසුම් සුභ පැතුම් !!!
මිලෙහි වෙනසක් නැත. ක්‍රම 2න්ම ටොන් 1ක් සඳහා USD 20,000/-ක් වේ.
අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියලා කුමාරතුංග මුනිදාසයන් කිවේ නිකන් නෙවෙයි. අපේ රටේ ම පරික්ෂණාගාරයක මේවා කරලා පෙන්නපු එකෙන් පේනවා අපිට අවශ්‍ය දැනුම හා පහසුකම් තියනවා කියා. දේශපාලුවන්ට තියෙන්නේ මේවගේ අධි තාක්ෂණික දේවල් වලට සම්බන්ධ කර්මාන්ත රටට ගේන එක. හැබැයි මතක තියාගන්න, මේ ව්‍යාපාරිකයෝ කැසිනෝ රජාලා වගේ පගාව දෙන එකක් නෑ.
අපේ මෑත ඉතිහාසය දිහා විපරමින් බැලුවොත් කකුලෙන් ඇදීම් හා පොඩිවෙන්න ගැසීම් ගැනත් පෙනෙන්න තිබෙනවා නේද? ගොඩයන්න තියෙන තැනින් ගොඩ යන්න ඉඩ නොසලස්වා මඩටම නොඇද්දොත් මේක ශ්‍රී ලංකාව නොවෙයි. දැයේ දිරිය දරුවනි , එනිසා බලාගෙනයි ! විද්‍යාඥයනි, ඔබ සැමගේ උත්සාහයත්, නිපැයුමත් ගැන හද පිරි සතුට මෙන්ම ස්තුතිය. පෙරටම යමු ලංකා......
ඔබ සැම රටට අභිමානයක්! පෙරටම යමු ලංකා!
අපේ ඇතැම් පාලකයොත් මේවා රට පටවන්නත් පටන් ගනියි. ලංකාවේ බැටරි හදනවා වෙනුවට ....
නියමයි. හදපු හැටියි තාක්ෂණයයි සේරම පත්තරේ දැම්මම අල්ලපු රටේ එවුනුයු චින්නුයි හෙට ඉඳන් වැඩේ පටන් ගනියි.
සතුටුයි.
අපේ රටේ සල්ලි විදේශ රටවලට යන තැන පියවරින් පියවර අඩුකරන්නට මේ වගේ නිෂ්පාදන හොඳ හැටි උදව් වෙනවා. නමුත් මේවට රාජ්‍ය හා දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. එය අපේ අභාග්‍යය වේ.
කොපමණ දක්ෂයින් ලංකාවේ සිටියත් තැනක් දෙන්නේ නැත, ඇත්තේද නැත, උදව්ද නැත, සහයෝගයක්ද නැත. ඒ ලංකාවයි... කෝ අර වතුරවලින් හයිඩ්‍රජන් හදපු කොල්ලා... එයා හිටියා නම් අද ලංකාවේ වාහන ඔක්කොම වතුරෙන් දුවන්න කාලේ...
රටේ සම්පත් රටට පලදායි ලෙස යොදා නොගන්න එකයි දුක.
මගේ උණුසුම් සුබපැතුම්... ඔබ සියලුම දෙනාට... ඉතා හොඳ ව්‍යාපෘතියක්. ලෝක වෙළෙඳ වෙළෙඳපොළ ජය ගැනීමට හොඳ නිෂ්පාදනයක්. ලංකාවේ විදුලි බිල්පත් පවා ඉතා අධික මොහොතක නව සොයා ගැනීමක්. ඔබලාට අවශ්‍ය උදවුවක් කිරීමට මමත් කැමැතියි රට වෙනුවෙන්. අප සියලුම දෙනා එකතු වී ලෝකය ජයගමු...