(ගයාන් සූරියආරච්චි)
රිවස් ගියරයක් සහිත ඉලෙක්ටි‍්‍රක් ස්මාර්ට් යතුරුපැදියක් ළඟදීම වෙළෙඳපොළට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයකු වන බී.එම්.ඩබ්ලිව්. සමාගම පවසයි.
‘ බී.එම්.ඩබ්ලිව්. මොටෝරාඞ් කන්සෙප්ට් ලින්ක්’ ලෙස මෙම යතුරුපැදිය හඳුන්වන අතර අති විශේෂිත බැටරි ඇසුරුමකින් සමන්විතවේ. සංවේදක තිරයක් සහිත ඩෑෂ් බෝඩයක් මෙහි නිර්මාණය කර ඇත. යතුරුපැදිය පදවන්නා සෘජුවම ඔන්ලයින් කැලැන්ඩරයට සම්බන්ධ කළ හැකි අතර එමගින් පදවන්නාට ගමන් කිරීමට අවශ්‍ය ස්ථානය යතුරුපැදිය නිතර අවබෝධයෙන් සිටී.
මෙම යතුරුපැදියේ ආසනය ධාවකයාට අවශ්‍ය පරිදි ස්වයංක‍්‍රීයව සකසා ගැනීමේ හැකියාව ඇත. මෙය ඉතා වේගවත් යතුරුපැදියක් බව පවසන සමාගම එහි වේගය පිළිබඳව වැඩි විස්තර දැනට මාධ්‍යවෙත ලබා නොදෙන බව පැවැසේ. මෙය සාම්ප‍්‍රදායක යතුරුපැදිවලින් වෙනස්ම ආකාරයේ හැඩයකින් යුතු යතුරු පැදියකි.
(ඩේලි මේල් ඇසුරෙනි)

COMMENTS
ඔය මොන ජාතියේ අලුත් යතුරුපැදි ආවත් ඕව ලංකාවට ගෙන්න දෙන්නේ නෑ.අපිට ඕව පදින එක සිහිනයක් පමණි. එක හින්ද ඔය පුවත් අපිට පෙන්නුවත් වැඩක් නෑ කසිකබල් ඉන්දියන්, චීනිස් ඒවා තමා අපිට එවන්නේ. ඉන්දියාවයි, චීනයයි එක්ක ගිවිසුම් ගහල ජපන් සහ වෙනත් රටවල් වල හොඳ නිෂ්පාදන ගේන එක තහනම් කරලා.වෙන රටවල් වල ඉන්න අයට ඔය අලුත් හදුන්වාදීම් මිලදී ගන්න වාසනාව තිබ්බත්, ඒක මේ ආණ්ඩු විසින් හොර ගිවිසුම් ගහල අපේ අවස්ථාව නැති කරලා.