IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක්

(ගයාන් සූරියආරච්චි)

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ. 

සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ.

මාස්ටර් සී ෂියෑන් ලෙස එම භික්‍ෂුව හඳුන්වන අතර ගෞරවාන්විත භික්‍ෂුවක් ලෙස සැලකෙන සී ෂියෑන් භික්‍ෂුව ප‍්‍රාග් ඓතිහාසික ඉන්දියාවේ සිට පෞරාණික වටිනාකමක් ඇති චීනයට බුදුදහම ප‍්‍රචලිත කිරීමට සංචාරය කළ බව සඳහන්වේ. 

වෛද්‍යවරු පවසන්නේ වසර 1000 ක් ගත වුව ද කශේරුකාව ඇතුළු සැකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම පවතින බවත් සම්පූර්ණ මොළය ද යහපත් තත්ත්වයෙන් තිබෙන බවයි. මෙම පරීක්‍ෂණය සිදුකිරීමේදී භික්‍ෂූන්, බැතිමතුන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගිවී සිටියහ.



අදහස් (12)

චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක්

රසික සංජීව Friday, 14 July 2017 02:56 PM

අවුරුදු 1000 ක් නම් කොහොමද ප්‍රාග් ඓතිහාසික වෙන්නේ?

:       73       173

samSaturday, 15 July 2017 07:33 AM

රසික සංජිව ඔබ හරි. වසර මිලියනයේ සිට මිලියන දෙකහමාරක (ලෝකයේ ඒ ඒ ප්‍රදේශ වල මිනිස් පරිණාමය අනුව) කාලයකට පෙර අතීතය ප්‍රාග් ඓතිහාසික යුග ලෙස සැලකෙනවා.

:       25       10

sanjeewa Saturday, 15 July 2017 12:52 AM

සමහර මාධ්‍යවේදීන් හිතාගෙන ඉන්නේ අනික් අයට කරන්න බැහැ කියලයි...

:       2       4

kelum Saturday, 15 July 2017 12:41 PM

සංජීව වලිගය පාගාගෙන,... ඉන්දියාව සහ චීනයේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියලා කිව්වට වසර 1000කින් ඓතිහාසික වටිනාකමක් ඇතිබව කියන්නේ නැහැ.

:       2       47

kamaniThursday, 20 July 2017 11:32 AM

කැලුම් ඔයාටත් වලිගයක් තියෙනවද..?

:       0       2

victor Sunday, 16 July 2017 09:29 PM

අබිඥා බල සහිත භික්‍ෂුන් අපවත් වන මොහොතේ හෝ පිරිනිවන් පාන විට කරන අධිෂ්ඨනයන් අනුව උන්වන්සේලාගේ දේහයන් නරක් නොවී පවතී. මෙවැනි භික්‍ෂු දේහයක් රුසියාවේ බුරියාති ජනරජයේ .විහාරයකද පවතී. මහා කස්සප රහතුන්ගේ දේහය මෛත්‍රී බුදුරදුන් මෙලොව පහළවන තෙක් ඉන්දියාවේ ගල්පර්වත තුනක් මැද පවතින බව බෞද්ද සාහිත්‍ය කතා වල සඳහන්.. මේ සියල්ල පුදුම නොවේ.බුදු සසුනේ නිර්මලත්වය ගැන කියන සාක්ෂිය.ඒ බුදු මග යන බුදු පුතුන් සහ බෞද්දයන් දැකීම නම් අද අපට පුදුමයකි .

:       317       421

ලසන්තThursday, 20 July 2017 04:08 AM

වික්ටර්, එතකොට අනිච්ඡ දුක්ඛ අනත්ත කියන බුදු වදනට අරුතක් නැති වෙනවානෙ!

:       123       1

bandaThursday, 20 July 2017 11:30 AM

මින් කියවෙන්නේ සීමිත කාලයක් ගැනයි...ඉතින් කොහොමද අනිච්ඡ දුක්ඛ අනත්ත කියන බුදු වදන බොරු වෙන්නේ...? දෙන්නකෝ උත්තර..

:       0       16

NuwanThursday, 20 July 2017 07:54 AM

වික්ටර් මහතාණෙනි සමථ කසිණ හින්දු භාවනා මගින්අබිඥා බල ලබාගැනීම බුදුදහමේ ඉගැන්වෙන විදර්ශනා ක්‍රමයට හාත්පසින් වෙනස්. මෙවැනි ප්‍රවෘත්ති මගින් ගෞතම බුදුන්වහන්සේගේ ඉගැන්වීමේ හරය කියාපාන්නේ නැහැ අනික අනිච්ඡ දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණයට යටත්නොවන කිසිදු බෞතික මානසික දෙයක් නැහැ බෞද්ද සාහිත්‍ය කතා වල සදහන් දේවල් එලෙසම ගතයුතු නැහැ.එම ඉගැන්වීම සසරින් ගැලවීම හෙවත් නිවනම පමණක් අරමුණු කෙරේ , බුදු සරණයි

:       3       13

අමල් Saturday, 22 July 2017 07:45 AM

කව්ද කියන්නේ කසින භාවනා හින්දු භාවනාවක් කියල. දස කසින කියන්නේ බෞද්ධ භාවනා වල සමසතලිස් කර්මස්ථාන වලට අදාල කොටසක්. අනික සමථ භාවනාව යම් තත්වයකට දියුණු නොකර විදර්ශනා භාවනාව දියුණු කරන්න බෑ

:       0       1

dhammika Friday, 21 July 2017 01:38 AM

අපි තාම කියවනවා විතරයි වැඩ නෑ. අඩුම තරමේ සමාධියක් වත් නෑ. ඉතින් කොහොමද අනිත්‍ය , දුක්ඛ දැනෙන්නේ. මේවා නැතුව අනාත්මය කොහොමවත් දැනෙන්න විදියක් නෑ. නිකන් වචන ගොඩක් විතරයි.

:       0       8

victor Sunday, 23 July 2017 07:56 PM

ප්‍රිය මහත්වරුනි ! බෞද්ද දර්ශනය සහ භාවනා ක්‍රම පිලිබදව අධ්‍යයනය කරන්න. බෞද්ද සාහිත්‍ය පමණක් නොව සුත්‍ර පිටකයද , අභිධර්ම පිටකයද මේ කරුණු සනාථ කරනු ඇත. සියලු ධර්මයෝ අනිත්‍යයය. එය බුදු දැකුමයි. බුදු වදනයි. එය සත්‍යයකි .භාවනා ක්‍රම මගින් සිත දියුණු කොට ,අබිඥා ලබා ගත් අයකුට ,මාර්ග ඵල ලැබුවද ,නොලැබුවද ,මරණාසන්න සිත පාලනය කොට ,මෙම ආශ්චර්යයන් කලහැකිය. එහෙත් එය සියලු ධර්මයෝ අනිත්‍ය යයි කියන බුදු වදනට පටහැනි නොවේ. චීනයේ සහ ටිබටයේද ඇත්තේ බෞද්ද භාවනා ක්‍රම බව අමතක නොකරන්න . ඔබසැමට තෙරුවන් සරණයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site