(ගයාන් සූරියආරච්චි)
නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ.
සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ.
මාස්ටර් සී ෂියෑන් ලෙස එම භික්‍ෂුව හඳුන්වන අතර ගෞරවාන්විත භික්‍ෂුවක් ලෙස සැලකෙන සී ෂියෑන් භික්‍ෂුව ප‍්‍රාග් ඓතිහාසික ඉන්දියාවේ සිට පෞරාණික වටිනාකමක් ඇති චීනයට බුදුදහම ප‍්‍රචලිත කිරීමට සංචාරය කළ බව සඳහන්වේ.
වෛද්‍යවරු පවසන්නේ වසර 1000 ක් ගත වුව ද කශේරුකාව ඇතුළු සැකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම පවතින බවත් සම්පූර්ණ මොළය ද යහපත් තත්ත්වයෙන් තිබෙන බවයි. මෙම පරීක්‍ෂණය සිදුකිරීමේදී භික්‍ෂූන්, බැතිමතුන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගිවී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 1000 ක් නම් කොහොමද ප්‍රාග් ඓතිහාසික වෙන්නේ?
සමහර මාධ්‍යවේදීන් හිතාගෙන ඉන්නේ අනික් අයට කරන්න බැහැ කියලයි...
සංජීව වලිගය පාගාගෙන,... ඉන්දියාව සහ චීනයේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියලා කිව්වට වසර 1000කින් ඓතිහාසික වටිනාකමක් ඇතිබව කියන්නේ නැහැ.
අබිඥා බල සහිත භික්‍ෂුන් අපවත් වන මොහොතේ හෝ පිරිනිවන් පාන විට කරන අධිෂ්ඨනයන් අනුව උන්වන්සේලාගේ දේහයන් නරක් නොවී පවතී. මෙවැනි භික්‍ෂු දේහයක් රුසියාවේ බුරියාති ජනරජයේ .විහාරයකද පවතී. මහා කස්සප රහතුන්ගේ දේහය මෛත්‍රී බුදුරදුන් මෙලොව පහළවන තෙක් ඉන්දියාවේ ගල්පර්වත තුනක් මැද පවතින බව බෞද්ද සාහිත්‍ය කතා වල සඳහන්.. මේ සියල්ල පුදුම නොවේ.බුදු සසුනේ නිර්මලත්වය ගැන කියන සාක්ෂිය.ඒ බුදු මග යන බුදු පුතුන් සහ බෞද්දයන් දැකීම නම් අද අපට පුදුමයකි .
අපි තාම කියවනවා විතරයි වැඩ නෑ. අඩුම තරමේ සමාධියක් වත් නෑ. ඉතින් කොහොමද අනිත්‍ය , දුක්ඛ දැනෙන්නේ. මේවා නැතුව අනාත්මය කොහොමවත් දැනෙන්න විදියක් නෑ. නිකන් වචන ගොඩක් විතරයි.
ප්‍රිය මහත්වරුනි ! බෞද්ද දර්ශනය සහ භාවනා ක්‍රම පිලිබදව අධ්‍යයනය කරන්න. බෞද්ද සාහිත්‍ය පමණක් නොව සුත්‍ර පිටකයද , අභිධර්ම පිටකයද මේ කරුණු සනාථ කරනු ඇත. සියලු ධර්මයෝ අනිත්‍යයය. එය බුදු දැකුමයි. බුදු වදනයි. එය සත්‍යයකි .භාවනා ක්‍රම මගින් සිත දියුණු කොට ,අබිඥා ලබා ගත් අයකුට ,මාර්ග ඵල ලැබුවද ,නොලැබුවද ,මරණාසන්න සිත පාලනය කොට ,මෙම ආශ්චර්යයන් කලහැකිය. එහෙත් එය සියලු ධර්මයෝ අනිත්‍ය යයි කියන බුදු වදනට පටහැනි නොවේ. චීනයේ සහ ටිබටයේද ඇත්තේ බෞද්ද භාවනා ක්‍රම බව අමතක නොකරන්න . ඔබසැමට තෙරුවන් සරණයි .