සහල් වංචාවකට දෙදෙනෙක් සැකපිට
දුරකතන භාවිතයෙන් රුපියල් 438000 ක් වටිනා සහල් ගෝනි 150 ක් තිස්සමහාරාම සහල් මෝලකින් ඇනවුම් කර එම සහල් තොගය සාවඥ පරිහරණය කිරීම, මුදල් නෙගෙවා වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනාමත සංවිධානාත්මක සොර කල්ලියක සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල නගරයේදී සහ ගම්පහදී අද (28) අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.