මිලියන 27 ක විදෙස් මුදල් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් (2,74,65,332) ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (2) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .