රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් අදා (1) සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත් සභාව සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කිරීමට පියවර ගෙන ඇත.
යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවරයා අතින් සරස්වතී මෝහනදාස් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යශයේ ලේකම්වරිය වශයෙන් ද, ආර්.පද්මනාදන් මහතා උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම්වරයා වශයෙන්ද පත් කර තිබේ.
උතුරු පළාත් සභාවේ මෙම තනතුරු දෙකම දරණ ලද ලේකම්වරුන් උසස්වීම් ලැබීම හා ස්ථාන මාරුවීම් ලැබීම නිසා ඇති වූ පුරප්පාඩු සඳහා මෙම නව පත්වීම් සිදු කිරීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd