(මොහොමඩ් බුහාර්ඩින්)
ඉබ්බාගාමුව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ නවතා තිබු මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනි තබා පලා ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ගොකරැල්ල පොලිසිය පවසයි.
අද (2) අලූයම 1 ට පමණ ඉබ්බාගාමුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී පී. දයාරත්න අබේවික‍්‍රම මහතාගේ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රියකට මෙලෙස කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් තිබේ.
මෝටර් රථයට ගිනි ඇවිලීමත් සමඟ නිවසේ කොටසක් ද ගිනි ගැනීමට ලක් වී ඇති අතර සිද්ධියෙන් රුපියල් ලක්ෂ 10 ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි මන්ත්‍රීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd