(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට ඒ වෙනුවට හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමේ අසාධාරණ ක්‍රියාවට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා අද (3) සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඇතුළු දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් වන සන්ජීව් කරුණාතිලක, ජයන්ත ජයවීර, ජයසිරි නානායක්කාර, අශෝක ධනවංශ හා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩෙනට් පනියන්දුවගේ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගමැති පුටුව රනිල්ට දෙන්නැයි සීනිගමදී දේවකන්නලව්වක්