(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබිය යුතු රුපියල් කෝටි තුනකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ එම ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය කළමණාකාරවරයා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) නියෝග කළාය.
තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට නිතීඥ නලීන් වීරකෝන් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
ඒ අනුව එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගලවිලවත්ත, හෝමාගම ලිපිනයෙහි පදිංචි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍ය කලමණාකාරවරයා වශයෙන් සේවය කළ දිසානායකලාගේ පියල් නන්දන දිසානායක (42) නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd