(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 33 වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති.
මොවුන් දෙදෙනා විසින් රැගෙන පැමිණි ගමන් මලු වල රුපියල් 7,25,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,500 ක් අඩංගුව දුම්වැටි කාටූන් 72 ක් සහ තවත් පැකට් 10 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට රුපියල් 25,000 ක් සහ රුපියල් 10,000 ක් ලෙස දඩ මුදල් ගෙවන ලෙස රේගුව නියෝග කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අර නෝනගේ මුණේ තියෙන සතුට ....