(ප්‍රියංකර ජයසිංහ)
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යමින් තිබු රන් කිලෝ හතකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක කඳවුර පවසයි.
ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධි ලෙස මෙලෙස ධිවරයින් ලෙස ධිවර යාත්‍රාවකින් රැගෙන යමින් තිබු රන් තොගය ආරක්ෂීත කවර වලට දමා රැගෙන යමින් තිබියදි අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය නගරය ආසන්නයේ සේනකුඩිරිප්පු ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මොවුන් මෙයට පෙර මෙම ජාවාරමේ නිරත වි සිටියාද යන්න පරික්ෂණ සඳහා කල්පිටිය පොලිසියට භාර දිමට නියමිතය.
අත්අඩංගුවට ගත් රන් තොගයේ නියමිත වටිනාකම තවමත් රේගුව මගින් සනාථ කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd