බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව පොතුපිටියේ දී මතුගම ඩිපෝවට අයත් බස් රථයක් කොළඹ බලා පැමිණෙමින් තිබියදී මාර්ගයේ ඉවතට ඇදී ගොස් නිවසක් ඉදිරිපිටට කඩා වැදීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කලුතර නාගොඩ හා පානදුර මුලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි.
දෙනියායේ සිට කොළඹ බලා රථය ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදී ගොස් මෙම අනතුර වී තිබේ.
අනතුරින් නිවස ඉදිරිපිට කොටසට බරපතල අලාභ සිදුවී බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd