අනුරපුර රෝහලේ තැලමීසියා වාට්ටුවට වෛද්‍යවරයකු නැතිකමින් රෝගීන් අමාරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝගයෙන් පීඩාවට පත් දරුවන් නේවාසික ප්‍රතිකාර ලබන වාට්ටුව වෛද්‍යවරයෙකු නොමැතිකමින් වසා දැමීමට රෝහල් බලධාරින් ගෙන ඇතැයි කියන තීරණයට විරෝධය පල කරමින් අද (27) දෙමාපියන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත විය. 27 October 2018
වික්ටෝරියා ජලාශයට වැටී තරුණයකු මරුට මහනුවර රන්දෙණිගල රජ මාවතේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඊයේ (26) රාත්‍රී කිවුල්ලිද පාලමෙන් වික්ටෝරියා ජලාශයට වැටීමෙන් මියගොස් ඇත 27 October 2018
වාද්දුව වෙරලේ නාන්න ගොස් අතුරුදන් වු දෙදෙනෙක් බේරාගනිති වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ විනෝදයට දිය නාමින් සිටි සිසුන් හය දෙනෙකු දිය වැලකට හසුවී අතුරුදන් වී සිටි දෙදෙනෙකුගේ ජිවිත ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන රෝහල් ගත කර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. 26 October 2018
ලිස්සා ගිය බස් රථය පස් කන්ඩියේ වැඳී නවතී පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (26) සවස මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක වැදී අනතුරට පත්ව ඇත බව පොලිසිය කියයි. 26 October 2018
මාරතැන්න වතු යායේ කම්කරුවන් පිරිසක් විරෝධතාවයක බලන්ගොඩ - මාරතැන්න වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාවේ නිපද වූ තේ කොළ කර්මාන්ත ශාලාවෙන් පිටතට ප්‍රවාහනය කිරීමට ඉඩ නොදි වතු කම්කරුවන් පිරිසක් අද (26) විරෝධතාවයක නිරත වූහ. 26 October 2018
බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ ග්‍රාම නිලධරයා රිමාන්ඩ් වයස අවුරුදු 14 පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු නොවැම්බර් (1) වැනි දා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස අද (26) බලන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය. 26 October 2018
වතුකම්කරු වැටුප වැඩි කරන්නැයි ඉල්ලා කොටගල ගුරු සිසුහු පාරට බසිති වතුකරයේ වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව කඩිනමින් විසඳන ලෙස ඉල්ලා කොටගල ගුරු විදුහලේ ගුරු සිසුහු අද (26) කොටගල නගරයේදී විරෝධතාවයක නිරතවුහ. 26 October 2018
ගෙවත්තේ ගංජා වගා කළ අයෙක් පොලිස් දැලේ ගෙවත්තේ ගංජා වගා කළ අයෙකු ගංජා පැල 620ක් සමඟ අද (25) රන්මිණිතැන්නේදී අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි. 25 October 2018
ගාල්ලේ ගංවතුර පාලනයට ගෙනා ව්‍යාපෘතියෙන් ගැටලු රැසක් ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරීම මූලික කරගෙන ක්‍රියාත්මක වූ, මේ වනවිට අතරමග නවතා දමා ඇති මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථක බව හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇතැයි අද (25) පැවති ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඇළ දෙපස වසම් වල ග්‍රාම නිලධාරීවරු චෝදනා කළහ. 25 October 2018
ඩ්‍රෝන කැමරාවෙන් වීඩියෝ කළේ රවීගේ නිවස නොවෙයිලු හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක් ආධාරයෙන් වීඩියෝ ගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ඩ්‍රෝන කැමරාවක් ද සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 25 October 2018
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ ගවමස් කිලෝ 105 ක් අල්ලයි මාතලේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105 ක් අද (25) අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි. 25 October 2018
පොල්ලකිග් ගසා පුද්ගලයකු මැරූ දෙදෙනකුට මරණ දඬුවම යකඩ පොල්ලකින් පහර දි පුද්ගලයකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවන් වු ඥාති සොයුරන් දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි ප්‍රනාන්දු මෙනෙවිය අද ( 25 දා ) මරණ දඩුවම නියම කළාය. 25 October 2018
බසයට යටවී යතුරුපැදිකරු මරුට මහරගම සිට හොරණ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දියගම හන්දිය ආසන්නයේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 25 October 2018
නිධන් හාරන්න ගිය 5 ක් අත්අඩංගුවට කටුගස්තොට පොලිස් වසම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 25 October 2018
කෂොක්ජි වෙනුවෙන් සෞදි තානාපති කාර්යාල අසළ උද්ඝෝෂණයක් මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යවේදීගේ සංසදය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (25) ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 25 October 2018
සිසුවාට පහර දුන් තවත් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ් දාහත් හැවිරිදි පාසල් සිසුවෙකුට අතින් පයින් සහ හොකි පිත්තකින් පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් දෙදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා 31 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය නියෝග කළාය. 25 October 2018
කෂොක්ජී ඝාතනය ගැන මාධ්‍ය සංවිධාන අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කෂොක්ජී ඝාතනයට වගකිවයුත්තන් සෙවීම සඳහා අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන මණ්ඩලයක් හරහා විමර්ශනයක් කළ යුතු යැයි මෙරට මාධ්‍ය සංවිධාන හයක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 October 2018
කදානේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අ’පුරෙන් අත්අඩංගුවට කදානේදී පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දා මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 25 October 2018
‘කලුදිය පොකුණ‘පුජා භූමියේ මාර්ගය ගිලා බැසීමෙන් සංචාරකයෝ අපහසුතාවයට දඹුල්ල කණ්ඩලම පිහිටි ඓතිහාසික ‘කලුදිය පොකුණ‘ පූජා භූමියට ඇතුළු වීමට ඇති මාර්ගය මාස දහයක් පමණ කාලයක් ගිලා බැස ඇතත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ අපහසුතාවයට පත්ව සිටිති. 25 October 2018
හබරණදී වෑන් රියක ගැටී ගැබ්බර ඇතින්නක් මරුට හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් එම මාර්ගයේ 133-134 සැතපුම් කණු ආසන්නයේදී ගැබ්බර ඇතින්නකගේ ගැටීමෙන් ඇතින්න එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර වෑන්රියට දැඩි හානී වී තිබේ. 25 October 2018
යාපනයේ නිවසකට පැන පහර දී රත්තරන් කොල්ල කා පලා යයි යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිකගේ තියුණු ආයුධ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු තුවාල ලබා අද (25) අලුයම යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි. 25 October 2018
කටුනායක දී මැණික් තොගයක් අත් අඩංගුවට අප්‍රිකාවේ රුවන්ඩා සිට නීතිවිරෝධී ලෙස මැණික් තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 25 October 2018
කවුඩුලු වැවේ මාළු ඇල්ලීමට ගිය අයෙක් අකුණුසැර වැදී මරුට මැදිරිගිරිය කවුඩුලුවැව ජලාශයේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් දෙදෙනෙකුට පමණ අකුණු සැර වැදී එක් ධීවරයෙකු මියගොස් අනික් ධීවරයා ඒ මොහොතේ අති වු කම්පනයකින් රෝහල්ගත කර තිබේ . 24 October 2018
ක්‍රිකට් තරඟය අතරතුර මත්පැන් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩංගණයේදී පැවති ශ්‍රී ලංකා- එංගලන්ත දිවා-රාත්‍රී ක්‍රිකට් තරගයේදී දෙස් විදෙස් නරඹන්නන් පිරිසකට නීති විරෝධී අන්දමින් මත්පැන් විකිණූ තරුණයන් දෙදෙනෙකු මත්පැන් ද සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ නගර සුරාබදු ස්ථානය පවසයි. 24 October 2018
දාපනේ මාර්ගයක නවීකරණ කටයුතු ප්‍රමිතියෙන් කරන්නැයි ඉල්ලති රජයේ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගසා කන්නට ඉඩ නොදී දාපනේ දොරපනේ මාර්ගයේ නවීකරණ කටයුතු ප්‍රමිතියකින් යුතුව සිදුකරන්නැයි ගම්වාසීහු ඉල්ලා සිටිති. 24 October 2018
හැටන් - නිව්වැලිගම නායයෑම තවදුරටත් සක්‍රීයයි හැටන්, නෝවුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ පසුගියදා ඇති වු නායයාම තවදුරටත් සක්‍රීය මට්ටමේ පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන බාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කීය. 24 October 2018
වීරකැටියේ ඝාතනය සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට වීරකැටිය මකුලදෙනියේ මළ ගෙදරක් අසළ අතුරුමාර්ගයකදී අද (24දා) අලුයම ගල්කටස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ පෙදරේරුවාගේ මරණය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි. 24 October 2018
හෝමාගම අනතුරකින් අයෙක් මරුට - 5ක් රෝහලේ හෝමාගම නියඳගල - මාකඹුර මාර්ගයේ 15 වැනි පටුමඟ ආසන්නයේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවත තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 24 October 2018
මඩාටුගමදී සිදු අනතුරකින් දෙදෙනෙක් මරුට: 12ක් රෝහලේ කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ කුඩාලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 24 October 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. 23 October 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025