හෝමාගම සමූපකාර සමිතියට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරන්නැයි උද්ඝෝෂණ හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා සාමාජික ඡන්දයෙන් පත්වන අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම පත් කරන ලෙස පවසමින් සමූපකාර සාමාජිකයෝ අද (23) සමූපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වුහ. 23 October 2018
බඳින තුවක්කුවක් පත්තු වී මිනුම් සහයක රෝහලට පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ රජයේ ඉඩමක මැනුම් කටයුතු සිදු කිරීමට ගිය මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිරිසක් රාජකාරියේ හි නිරතව සිටින අතරතුර බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලැබූ මිනුම් සහයකයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 23 October 2018
වතුකම්කරු වැටුප වැඩි කරන ලෙස ඉල්ලා කොළඹට පාගමනක් වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමනක් අද (23) ඇරඹුහ. 23 October 2018
කොළොන්න ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි කොළොන්න ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කමිටු රැස්වීමට විරෝධතා පුවරුද රැගෙන පැමිණ විරෝධය පළකිරීමෙන් අද (23) පෙරවරුවේ එහි දැඩි නොසන්සුන්තාවක් ඇති විය. කොලොන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඔව්හු මෙම විරෝධතාව දැක්වූහ. 23 October 2018
වීරකැටිය ප්‍රා.සබේ මන්ත්‍රීවරු කරත්තයෙන් සභාවට වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරයෙක් හා උපසභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැග සභා වාරයට පැමිණියහ. 23 October 2018
ලක්ෂ 45 ආදාහනාගාරයේ දුම් කවුළුව වසර 13 කින් කඩා වැටෙයි හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියෙහි ඉදිකර තිබූ ආදාහනාගාරයේ දුම් කවුළුව අද (23) අලුයම 4 ට පමණ එක්වරම කඩා වැටී ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි. 23 October 2018
නායයෑමේ අවදානමෙන් හල්දුම්මුල්ලේ පවුල් 9 ක් ඉවතට හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කඹරගල කොටසේ ඇති වු නාය යාමක් හේතුවෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 35 දෙනකු ඉවත් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 23 October 2018
හාලි ඇල ඉඩමක ජීව අත්බෝම්බයක් හාලි ඇල නාරංගල කෝපියාවත්තේ පෞද්ගලික ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි. 23 October 2018
මහවැලි සත්ත්ව ගොවිපලේ කළමණාකරු ඉවත් කළාට විරුද්ධව උද්ඝෝෂණයක් නිරාවිය මහවැලි සත්ත්ව ගොවිපලේ සභාපතිවරයා විසින් එම ගොවිපලේ කළමණාකරු ඉවත් කළේ යැයි කියන සිද්ධියකට එහි සේවකයන් පිරිසක් අද (22) උද්ඝෝෂණයක නිරත වුහ. 22 October 2018
වැලි බලපත්‍ර ලබාදීමේදී සිදුවන ගැටළු නිසා ජාවාරම්කරුවන් වැඩිවෙලා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි ප්‍රවාහන බලපත්‍රයේ සෘජු මාර්ග අතහැර වෙනත් මාර්ග ලබාදීම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන්ට හොර රහසේ වැලි ප්‍රවාහනය කිරීමට ඉඩලැබී ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා පවසයි. 22 October 2018
අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 22 October 2018
නිව්වැලිගම මාර්ගය පිළිසකර කරයි හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් කාසල්රි ජලාශයට නාය ගිය මීටර් 45 ක පමණ මාර්ගයේ කොටස වෙනුවට එම ස්ථානයෙන්ම පස් කන්ද කපා අලුතින් මාර්ගයක් ඉදි කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අද (22) ආරම්භ කෙරිණි. 22 October 2018
කුරුවිටට නව රථවාහන සැලැස්මක් නිසි රථවාහන සැලසුමක් ක්‍රියාත්මක නොවන කුරුවිට නගරයට ඔත්තේ ඉරට්ටේ වශයෙන් දින වෙන්කර වාහන නැවැත්වීමේ සැලසුමක් හඳුන්වාදෙන ලෙස රත්නපුර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රෙස්න මහතා කුරුවිට පොලිසියට දැනුම් දුන්නේය. 22 October 2018
උතුරු සබේ නිල කාලය 25 වැනි දායින් අවසන් වෙයි උතුරු පළාත් සභාවේ නිල කාලය 25 වැනි දා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී.වී.විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවේදනයක් නිකුත් කර ඇත. 22 October 2018
රැකව මුහුදේ නාන්න ගිය ජර්මන් ජාතිකයා මරුට රැකව වැල්ල ඕඩය මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු අද (21) සවස දියේ ගිලීමෙන් මරණයට පත්වී ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. 21 October 2018
උඩරට දුම්රිය මඟේ ගමනාගමනය යථා තත්වයට සේවා දුම්රියක් පිලී පැනීමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) පස්වරුවේ සිට යළි යථාතත්ත්වයට පත්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 October 2018
දුම්වැටි සමඟ රේගුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක සහ තවත් පුද්ගලයෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 21 October 2018
මත්පෙති සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ඉන්දියාවෙන් ගෙන එන ලද නියුරෝවන් 150 වර්ගයට අයත් නීතිවිරෝධී මත්පෙති 2600 ක් කාර් රථයකින් රැගෙන ගිය තරුණයින් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයේදී අද (21) අළුයම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි. 21 October 2018
පිටවල රක්ෂිතයේ දර කඩන්න ගිය කතක් මරුට ගිනිගත්හේන පොලිස් වසමට අයත් පිටවල මිල්ලගහමුල රක්ෂිතයේ කෝපි කැඩිමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව සිටියදි ගම්වාසින් විසින් අද (21) උදෑසන කළ මෙහෙයමකදි එම කාන්තාවන් දෙදෙනා රක්ෂිතයේ ගලක් මත සිටියදි සොයාගෙන ගිනිගත්හේන රෝහලට ඇතුළු කිරිමෙන් පසු ඉන් එක් කාන්තාවක් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 21 October 2018
උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි - ජනපති බාල දක්ෂ ව්‍යාපාරය තුල තිබිය යුතු හා තිබෙන මූලික සිද්ධාන්ත මූලික ප්‍රතිපත්ති මූලික දර්ශනය මුල් කර ගත් තේමාව තුල කටයුතු කරමින් කාලානුරූපය යුගයට අවශ්‍ය පරිදි තාක්ෂණ ලෝකය තුල බාලදක්ෂ ව්‍යාපාරය තුලත් අවශ්‍ය වෙනස්කම් සිදු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. 20 October 2018
වෛද්‍යවරියගේ මාරුව අවලංගු කරන්නයි උද්ඝෝෂණයක් යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරියට ස්ථානමාරුවීමක් ලබා නොයන ලෙස බලකරමින් ගම්වාසින් පිරිසක් අද (20) පෙරවරුවේ යක්කලමුල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් යක්කලමුල්ලේදී දැවැන්ත විරෝධතාවයක නිරතවිය. 20 October 2018
හාලිඇල නගරයේ උද්ඝෝෂණයක් වතුකම්කරු වැටුප් රුපියල් 1000 කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක් ( 20) මේ වනවිට හාලිඇල නගරයේ උද්ඝෝෂණ කරමින්සිටිති. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඇතුලු පිරිසක්ද මේ සඳහා එක්වූහ. 20 October 2018
නායයාමේ අවදානමක් පවතින බව පවසමින් තලවකැලේ උද්ඝෝෂණයක් තලවකැලේ නගරයේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතියට අදාළ ඉහළ කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව පවසමින් එම ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් අද (20) උදැසන තලවකැලේ නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත විය. 20 October 2018
ඇල්ලෝවිට වෙල් යාය සුරැකීමට වසන්තගෙන් උත්සාහයක් කටුනායක මඩවල , ඇල්ලෝවිට වෙල් යාය කළක සිටිම පුරන්ව පවතින අතර , පිටස්තර පුද්ගලයින් මෙහි කුණු දැමීම නිසා මෙම මග දෙපස දැඩි ලෙස අපවිත්‍රව පවතී. 20 October 2018
අල්ලස් ගත් මහවැලි නිලධාරියෙකු අත්අඩංගුවට මහවැලී බී කලාපයේ සිංහපුර කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන ඒකක කළමණාකාර වරයෙකු මහවැලි ඉඩමක් සම්බන්ධ රාජකාරී කටයුත්තක් කරදීම සඳහා ප්‍රදේශයේ ගොවියෙකුගෙන් රුපියල් විසිදාහක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීහු කියති. 19 October 2018
උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා අද (19) නියෝග කළේය. 19 October 2018
බස් රියේ සඟවා මත්පෙති රැගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා පෞද්ගලික බස්රථයක් තුළ සඟවා මත්පෙති රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අලුයම වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය කියයි. 19 October 2018
ත්‍රීරෝද රථ - යතුරුපැදි කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොරාගෙන කොටස් කර විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ සිව් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු රුපියල් ලක්ෂ දාහයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි 8 ක් හා ත්‍රී රෝද රථයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි. 18 October 2018
බස් - යතුරු පැදි අනතුරින් අයෙක් මරුට අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් මොරගහහේන තලගලදී බස් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් සැමියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මොරගහහේන පොලිසය කියයි. 18 October 2018
නීතිවිරෝධී දුම්වැටි තොගයක් වත්තල ගබඩාවකින් සොයා ගනී විශාල පෙට්ටි දෙකක් තුළ සඟවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ලංකාවට එවා තිබූ දුම්වැටි තොගයක් අද (18) වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 18 October 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025