(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියෙහි ඉදිකර තිබූ ආදාහනාගාරයේ දුම් කවුළුව අද (23) අලුයම 4 ට පමණ එක්වරම කඩා වැටී ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි.
2005 වර්ෂයේදී රුපියල් ලක්ෂ 45 ක වියදමින් මෙම ආදාහනාගාරය ඉදිකර ඇත. වසර ගණනාවක සිට මෙම දුම් කවුළුවේ ස්ථාන කිහිපයකම පැලුම් ලක්ෂණ පැවතිණි.
ඒ නිසා දුම් කවුළුව අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් කමිටුවෙන් අනුමත කරවා ඉකුත් 18 වැනිදා පැවැති මහ සභාවට මේ පිළිබඳ ගැටලුව යොමු කර ඇත.
ඉදිරි දින කිහිපයේ දී අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට සිටියදී දුම් කවුළුව එහි මුලින්ම කඩා වැටී ඇති බව සභාපතිවරයා පැවසීය.
විශාල වියදමක් දරා ඉදිකර ඇති මෙම දුම් කවුළුව වසර 11 ක් වැනි කෙටි කාලයක් තුළ කඩාවැටීම පිළිබඳව ප්‍රදේශයේ බොහෝ දෙනා අතර සැක මතුව ඇත.
එබැවින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමටත් දුම් කවුළුවේ නැවත ඉදිකිරීම් කටයුතු හැකි විගස ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල හදන කොට ඒ හදන අය අවුරුදු ගණනකට වගකීම සහතිකයක් දියයුතු නේද? වෙන රටවල කරන්නේ එහෙමයි. එවැනි සහතිකයක් දෙන්න බැරි අයට මේවා හදන්න දෙන්න හොඳ නැහැ. එහෙම සහතිකයක් තිබුන නම් මේක හදපු අය අලුත් වැඩියාව කරනවා.
එහෙම වගකිම් සහතිකයි කොමිසුයි දෙකක් දෙන්න බැහැ මහත්තයෝ