IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උඩරට දුම්රිය මඟේ ගමනාගමනය යථා තත්වයට

රංජිත් රාජපක්ෂ                   

 

සේවා දුම්රියක් පිලී පැනීමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) පස්වරුවේ සිට යළි යථාතත්ත්වයට පත්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දොඹකරය සහිත ටොන් 128 බර ඇති සේවා දුම්රියක් නානුඔය සහ රදැල්ල  දුම්ර්ය ස්ථාන දෙක අතර 15 වෙනි සැතපුම් කණුව අසලදී අද උදැසන 6.30 ට පමණ  පිලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ  ගමනාගමනා කටයුතු පැය 6 කට ආසන්න කාලයක්  ඇණ හිට තිබිණි.

පිලී පැන තිබු දොඹකර සහිත සේවා දුම්රිය පිලිගත් කිරිමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පැමිණේ.

පිලීපැනිම හේතුවෙන් බදුලලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් නානුඔය දුම්රිය ස්ථායෙත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය සහ මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය දෙක හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් නතර කර තිබිණි.



අදහස් (0)

උඩරට දුම්රිය මඟේ ගමනාගමනය යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site