(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
වත්තල ප්‍රදේශයේ කාන්තාවක් මීට දින කිහිපයකට ඉහතදී සැකකාර ග්‍රාම නිලධාරිවරයා හමුවට ගොස් ඇයගේ ස්වාමි පුරුෂයා නමින් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකයක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවවරයා පැවසීය.
අදාළ කාන්තාවගෙන් ඒ පිළිබඳව ලද පැමිණිල්ල අනුව අද (22) සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ කාර්යාලයේ දී එම මුදල ලබාගනිද්දී අත්අඩංගුවට ගෙන අැත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමසේවක කියන්නේ කිසිම වැඩකට නැති නිලයක්. බොරුවට මිනිස්සු රස්තියාදු කරවන, දියුණුවන ලෝකයේ කිසිම රටක නැති අල්ලස් සහ දුෂිත පිරීගිය සේවාවක්. ප්‍රාදේශීය සභාවකින් ඒ දේම ඉටුකරගන්න සකස් කලානම් හරි. මොවුන්ගේ ලියුම් ගැනීම අනවශ්‍ය වන විදියට සෑම දේම පරිගණක ගතකරන්න ඕනේ. ග්‍රාමසේවිකාවන් කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ. චරිත සහතිකයක් දෙන්නේ නෑ. උප්පැන්නක් සහතික කරලා දෙන්නේ නෑ. විවාහ සතිකයක කොපියක් අත්සන් කරගන්න බෑ. කාර්යාලයට එන්නේ නෑ.
කොට්ටෝරුව කෙසෙල් ගහට කෙටුව දවසේ හිරවුණා දැන් ඉතින් අවුරුදු 10 ක් වත් හිරගෙදර ඉන්න වෙනවා. පුදුමේ කියන්නේ දේශපාලකයෝ ලක්ෂ 350 කට විනාශ කරත් නිදොස් කොට නිදහස් කලා. ඕකට තමයි කියන්නේ වතුර හැමදාම ගලන්නේ මිටීම තැනින් කියල.