(කටුනායක ටී.කේ.ජී.කපිල )
කටුනායක මඩවල , ඇල්ලෝවිට වෙල් යාය කළක සිටිම පුරන්ව පවතින අතර , පිටස්තර පුද්ගලයින් මෙහි කුණු දැමීම නිසා මෙම මග දෙපස දැඩි ලෙස අපවිත්‍රව පවතී.
මෙයට පිළියමක් ලෙස මෙම මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කර , වටිනා ගස් සිටුවා , මෙම කුඹුරු යායේ බක්මී ගසක් පාමුල සිය මිනිබිරියගේ නව වැනි උපන් දිනය සැමරීමට ප්‍රදේශයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරියෙකු මෙන්ම, සම්මානනීය කාව්‍ය සහ කෙටිකතා රචකයෙකු වූ මඩවල වසන්ත මහතා අද (20) උදෑසන ප්‍රදේශවාසීන් ද සහභාගි කරගනිමින් කටයුතු කළේය .
කුඹුක් , අඹ , නා , මී සහ ගොරකා පැළ මෙම ප්‍රදේශයේ මග දෙපස එදින සිට වූ අතර , ඉන් පසුව කිරිබත් , අග්ගලා , කෙසෙල් සහ බෙලිමල් වලින් පැමිණ සිටි ප්‍රදේශවාසීන් ට සංග්‍රහ කිරීමට වසන්ත මහතා කටයුතු කළේය.
රංසි තත්සරණි නම් වූ මෙම මිනිබිරිය දැනට කළහුගොඩ, මඩවල ඒකාබද්ධ පාසැලේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .
මඩවල වසන්ත කළක් කටාන ප්‍රාදේශීය සභාව නියෝජනය කළ සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වන අතර, දැනට විශ්‍රාම සුවයෙන් පසුවන්නෙකි .

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලෝවිට වෙල් යාය සුරැකීමට වසන්තගෙන් උත්සාහයක්