මා ඔයේ පවත්වාගෙන ගිය වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලයි
මා ඔයේ කාලයක සිට සිදුවන නීතිවිරෝධී වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලා ගොඩ දමන ලද වැලි තොගයක්, බෝට්ටු 03 ක්, වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ තොගයක්, සැකකරුවෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීගමුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.