මා ඔයේ පවත්වාගෙන ගිය වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලයි මා ඔයේ කාලයක සිට සිදුවන නීතිවිරෝධී වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලා ගොඩ දමන ලද වැලි තොගයක්, බෝට්ටු 03 ක්, වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ තොගයක්, සැකකරුවෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීගමුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 15 October 2018
සාලියවැවදී ගුවන් හමුදා ජීප් රථයක් අනතුරකට - 5ක් රෝහලේ - රියදුරු මියයයි පුත්තලම සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා ජීප් රථයක් අද (15) සාලියවැව 18 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා නිලධාරීයෙකු අතුළු භටයන් 5 දෙනෙක් රෝහල් ගත කළ බව සාලියවැව පොලීසිය පැවසීය. 15 October 2018
කොළඹ පාසලක සිසුන් පිරිසක් සිසුවෙකුට සහ සිසුවාගේ පියාට පහරදෙති කොළඹ ප්‍රසිද්ධ පිරිමි විදුහලක විදුහල්පතිගේ කාර්යාලය තුළදී සිසුන් පිරිසක් සිදුකළ පහර දීමකින් සිසුවෙකු සහ ඔහුගේ පියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි. 15 October 2018
ගාල්ලේ පාසලක ඇති වු ගින්න නිවා දමයි ගාල්ල ඕල්කට් මහ විදුහලේ ගොඩනැගිල්ලක අද (15) දහවල් හදිසියේ ඇතිවු ගින්නක් ගාල්ල මහ නගර සභවේ ගිනි නිවීම් ඒකකය විසින් නිවා දමන ලදි. 15 October 2018
ගොවියකුට වෙඩි තබා මැරූ ගොවියා පෝරකයට ඉඩම් ආරවුලක් හේතුවෙන් වලස්මුල්ල බෝවලදී වෙඩි තබා ගොවියකු ඝාතනය කළැයි කියන චෝදනාවක වරදකරුවූ විත්තිකරුවකුට තංගල්ල විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද (15) මරණ දඬුම් නියම කළාය. 15 October 2018
මඩු බලා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වී 8ක් රෝහලේ කොලඹ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වූ බස් රථයක් මන්නාරම් මාර්ගයේ අද (14) සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනතුරට ලක් වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියයි. 14 October 2018
කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකරු පළාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. 14 October 2018
වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ලංකා වතුකම්කරු අධ්‍යපන භාරය මගින් අයඳුම්පත් කැඳවා තිබේ. 14 October 2018
වල්අලි පහරදීමකින් තරුණයෙකු නූලෙන් බේරෙයි ආණමඩුව - කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයේදී අද (14 ) මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකුට වල් අලියකු පහරදී ඇති බවත් වල් අලියාගේ පහරදීමෙන් තරුණයාට අනතුරක් සිදු වී නොමැති බවත් පුත්තලම වන ජීවි පාලන එකකයේ නිලධාරීහු කියති. 14 October 2018
මුල්ලේගම ග්‍රාමාරක්ෂකයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයේ මුල්ලේගම ගම්මානයේ ඉකුත් 08 වෙනි දා වලසුන් තිදෙනෙකු පහර කෑමට ලක්වීමෙන් පසුව තුවක්කුවකින් වෙඩි තබාගෙන මිය ගියා යැයි කී ග්රාමරක්ෂක භටයාගේ මරණය සිය දිවිහානි කර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදි හෙලිවි තිබේ. 14 October 2018
හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්රමන්ත්රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පැවැත්විණි. 14 October 2018
බගවන්තලාවේදී වතු කම්කරුවන්ට ජංගම සේවයක් ජාතික ඒකාබද්ධතා සංහිදියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් 39 වන වතාවට පවත්වන ජංගම සේවය අමාත්‍යය මානෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් බගවන්තලාව ශාන්ත මරියා දමිළ මහ විද්‍යාලයේදී අද (14) පැවැත්විය. 14 October 2018
නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉවත් කොට තාවකාලිකව හේවාවිස්ස විදුහලේ නවාතැන් පහසුකම් සලසා ඇත. 14 October 2018
අලුත්ගම කෝවිලේ කිරි කල පෙරහර අලුත්ගම ශ්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්න පාරේ තංගවේලූ සාමි කෝවිල අසලින් ආරම්භ අද විදි සංචාරය කළේය. 14 October 2018
කතරගම පොලිසියටත් අලුත් ලොක්කෙක් කතරගම පොලිසියේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ලියනගේ මහතා අද සුබ මොහොතින් වැඩ බාර ගත්තේය. 14 October 2018
පොල්අතුමෝදර ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් ගොඩගනී වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 14 October 2018
ලක්ෂ 11 ක කේරල ගංජා සමඟ අයෙක් අල්ලයි යාපනය සිට මහනුවර දක්වා ලංගම බස්රථයකින් රුපියල් ලක්ෂ 11 වටිනා කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 14 October 2018
රම්මලේ- කටුවන කඳුවල ගල් පෙරලීමේ අවදානමක් වලස්මුල්ල රම්මලේ කන්දේ සහ කටුවන මැද කන්දේ විශාල ගල් කිහිපයක් පහළට රූරා වැටීමේ අවදානමක් පවතින හෙයින් එම ගල් ඉවත් කිරිමට පියවර ගත යුතු බව වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම්වරු හම්බන්තොට දිස්ත්‍රික් හදිසි ආපදා කළමනාකරණ රැස්වීමේ දී කීහ. 14 October 2018
හුංගම ගම්වැසියෝ චීන ඉංජිනේරුවරයකුට පහර දෙති මාතර -මත්තල අධිවේගි මාර්ගයේ හුංගම කොටවාය වැඩබිමේ සේවය කරන චීන ජාතික ඉංජිනේරුවරයකුට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා ඔහු තංගල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 14 October 2018
ලොරි රථ අනතුරින් අධික මාර්ග තදබදයක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම මතදී අද (13) පස්වරු 05.00 ට පමණ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පාලමෙන් පිටතට පැන අනතුරට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 13 October 2018
පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා පවතින අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය දෙල්තොට මාර්ගයේ කොළඹිස්ස තැපැල් කාර්යාලය හා කොළඹිස්ස විදුහල අසල ස්ථාන දෙකක ඇතිවු පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණිහිට ඇත. 13 October 2018
නිධානයක් හැරිමට ගිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලෑවක ළිඳක් හාරන මුවාවෙන් අඩි 100 යට නිධානයක් හැරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 13 October 2018
පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍රියාකාරකම් වැඩ මුළුවක් එම හෝටලයෙදි පැවැත්විය. 13 October 2018
වාහන අමතර කොටස් ගෙන්වන වෙළඳසැලක් ගින්නකින් විනාශවෙයි කුරැණෑගල දම්බොක්ක ප්‍රදේශයේ අද(13)දින දහවල් කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීමේ වෙළඳසැලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වි ඇත.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ මෙම වෙලදසැල පිහිටා ඇත. 13 October 2018
දේශීය වී අලෙවියේ ගැටලු ඇතැයි ගොවීන්ගෙන් මැසිවිලි තබ්බෝව ජලාශය ඇතුලු වැව් යටතේ වගාකල දේශීය වී අලෙවි කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවට ගොවීහු මැසිවිලි නගති. 13 October 2018
විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට ගලේවෙල තලකිරියාගම මිවලපතහ ප්‍රදේශයේ නිවසක සවිකර තිබු විදුලි මිටරයේ වයරයක් ගැලවිමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 13 October 2018
අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට ඉඩ නොදෙන බව ආගමික නායකයෝ පවසති අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට විරෝධය දක්වමින් අද (12) පුත්තලම කලපු තීරයට එක්වූ සර්ව ආගමික නායකයන් ප්‍රතිඥාවක් ලබා දෙමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය පුත්තලමේ කිසිදු ස්ථානයක ඉදි කිරීමට රජයට ඉඩ නොදෙන බවයි. 12 October 2018
සම්භාහන මධ්‍යස්ථානයකික් අල්ලස් ගත්තැයි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට වැල්ලවත්තේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක හිමිකරු බිය ගන්වා රුපියල් පනස් දහසක මුදලක් බලෙන් ලබා ගත් බම්බලපිටිය පොලිසියේ දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (12) කොළඹදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂන ඒකකය පවසයි. 12 October 2018
බස් රථයක යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මරුට මත්තල ගුවන්තොටුපලේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක අද (12) යතුරු පැදියක් ගැටීමෙන් පැදිකරු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය කියයි. 12 October 2018
අරුවක්කාඩු කසල ව්‍යාපෘතියට විරෝධය පා කල්පිටියේ උපවාසයක් වනාත විල්ලුව අරුවක්කාඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල බැහැර කිරීමේ ව්‍යාපෘතියට විරෝධය දැක්වීම පිණිස කල්පිටිය සියලු ආගමික නායකයින් ප්රමුඛ සිවිල් සංවිධාන එකතුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත. 12 October 2018
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026