IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රම්මලේ- කටුවන කඳුවල ගල් පෙරලීමේ අවදානමක්

 

 

(සනත් ගමගේ)

වලස්මුල්ල රම්මලේ කන්දේ සහ කටුවන මැද කන්දේ විශාල ගල් කිහිපයක් පහළට රූරා වැටීමේ අවදානමක් පවතින හෙයින් එම ගල් ඉවත් කිරිමට  පියවර ගත යුතු බව වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම්වරු හම්බන්තොට දිස්ත්‍රික් හදිසි ආපදා කළමනාකරණ රැස්වීමේ දී කීහ.

වලස්මුල්ල රම්මලේ කන්දේ ඉහළ කොටසේ විශාල ගලක් තිබෙන හෙයින් මෙම ගල ඉදිරි මෝසම් වැසි කාලයේ දි පහළට රූරා වැටීමේ අවදානමක් පවතින අතර පහළ ප්‍රදේශවල සිටින ජනතාව අවදානම් තත්ත්වයකට මුහුන පා සිටින හෙයින් ගල ඉවත් කිරිමට කවර හෝ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසට වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් ඉන්දික විතාරණ මහතා කිය.

එමෙන්ම රම්මල , සපුතන්ත්‍රී, තලපත් කන්ද, යන කඳුවල සිටින ජනතාවද තම නිවාසවල පිහිටීම සම්බන්ධව ගොඩනැගිලි පරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ සිදුකර  එහි වාර්තා ලබා දෙන ලෙසටද වලස්මුල්ල ප්‍රදේශීය ලේකම්වරයා මෙහිදී අවධාරණයෙන් කීය.

කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද මැද කන්ද, ගල් කිහිපයක් පෙරලීමේ අවදානමක් ඇති හෙයින් පහළ කොටස් අනාරක්ෂිත ලෙස පවතින හෙයින් එම ගල් ද ඉවත්කිරිම සිදුකළ යුතු බව කටුවන ප්‍රාදේශීය ලේකම් ඉරේෂා ලියනගම මහත්මිය සඳහන් කළාය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ විද්‍යාඥ සරෝනී මහත්මිය සදහන් කර සිටියේ මෙම ගල් මෙම ස්ථානයන්හි හඳුනාගෙන ඇති බවත් ඒවා ඉවත් කිරිමට යෑමේ දී අනතුරු සිදු විය හැකි බැවින් බෝර ගසා ඉවත් කරනවා වෙනුවට වෙනත් ක්‍රම මගින් ඉවත් කිරිමට පියවර ගත යුතු බවයි. එමෙන්ම ආපදා ඇති විය හැකි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා  සමීක්ෂන සිදු කිරීමට හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක දෙකට නිළධාරීන් තුන්දෙනෙකු පමණක් සිටින නිසා තරමක් ප්‍රමාද වන බවද ඇය සඳහන් කළාය.

 

 



අදහස් (0)

රම්මලේ- කටුවන කඳුවල ගල් පෙරලීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site