(රොමේෂ් මධුෂංඛ)
කොලඹ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වූ බස් රථයක් මන්නාරම් මාර්ගයේ අද (14) සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනතුරට ලක් වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියයි.
කොලඹ කොච්චිකඩේ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වී ඇති මෙම බස් රථය අධික වේගයකින් ගමන්කොට ඇති අතර සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි මල්වතු ඔය වැටී ඇති ප්‍රධාන පාලමේ බස් රථය ගැටී ඇති අතර බස් රථය ඉවතට පෙරලීමෙන් වළක්වා ගැනීමට රියදුරුට හැකිවී තිබේ.
අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ වැදීම හේතුවෙන් පාලමෙන් පහලට වැටීම වැලකී ඇති අතර එසේ සිදුවුයේ නම් දැඩි හානියක් සිදුවීමට ඉඩ තිබූ බවත් පාලමේ වැදීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 08 දෙනෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහල වෙතට ඇතුළත් කොට ඇති බවට සේට්ටිකුලම් පොලීසිය පැවැසීය.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයතුළ මගීහු 40 දෙනෙකු පමණ ගමන්කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලමේ වැරැද්ද. වන්ගුවක හදන්නේ නැතුව කෙලින් පාරක පාලමක් හැදීම. පොලවේ යන්න තියන වාහන ඉගිල්ලෙන්න ගිහාම ඔහොම වෙනවා තමයි. අහිංසක ජිවිත එක්ක තමයි සෙල්ලම් කරන්නේ.