IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මඩු බලා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වී 8ක් රෝහලේ

(රොමේෂ් මධුෂංඛ)

කොලඹ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වූ බස් රථයක් මන්නාරම් මාර්ගයේ අද (14) සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනතුරට ලක් වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියයි.

කොලඹ කොච්චිකඩේ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වී ඇති මෙම බස් රථය අධික වේගයකින් ගමන්කොට ඇති අතර සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි මල්වතු ඔය වැටී ඇති ප්‍රධාන පාලමේ බස් රථය ගැටී ඇති අතර බස් රථය ඉවතට පෙරලීමෙන් වළක්වා ගැනීමට රියදුරුට හැකිවී තිබේ.

අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ වැදීම හේතුවෙන් පාලමෙන් පහලට වැටීම වැලකී ඇති අතර එසේ සිදුවුයේ නම් දැඩි හානියක් සිදුවීමට ඉඩ තිබූ බවත් පාලමේ වැදීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 08 දෙනෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහල වෙතට ඇතුළත් කොට ඇති බවට සේට්ටිකුලම් පොලීසිය පැවැසීය.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයතුළ මගීහු 40 දෙනෙකු පමණ ගමන්කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

මඩු බලා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වී 8ක් රෝහලේ

Sinhalaya Monday, 15 October 2018 03:53 AM

පාලමේ වැරැද්ද. වන්ගුවක හදන්නේ නැතුව කෙලින් පාරක පාලමක් හැදීම. පොලවේ යන්න තියන වාහන ඉගිල්ලෙන්න ගිහාම ඔහොම වෙනවා තමයි. අහිංසක ජිවිත එක්ක තමයි සෙල්ලම් කරන්නේ.

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site