තරංග ගුණරත්න
වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙම මළසිරුර පොල්අතුමොදර ගඟේ පාවෙමින් තිබූ දැක වැලිගම පොලිසිය වෙත දැනුම්දීම මත එම මළසිරුර ගොඩට ගෙනවිත් තිබිණි.
මෙය ඉතාමත්ම අධික ලෙස නරක් වී තිබූ අතර මොහුගේ දකුණු පාදයෙහි දණහිස පහළ කොටස කිඹුලන් විසින් කා දමා තිබිණි.
මොහු වයස 50- 65 අතර විය හැකි බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය දිවිහානි කර ගැනිමක් ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද පිළිබඳව විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd