(සනත් ගමගේ)
මත්තල ගුවන්තොටුපලේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක අද (12) යතුරු පැදියක් ගැටීමෙන් පැදිකරු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මැඩිල්ල ගොන්නොරුව ප්‍රදේශයේ පදිංචි ජයසේකර විතාරණගේ අබේපාල යන අය බව පොලිසිය කියයි.
මත්තල ගුවන් තොටුපලේ සේවකයින් රැගත් බස් රථය හම්බන්තොට දෙසට බලා ධාවනය වෙමින් තිබිය දී යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
බස් රථයේ රියදුරු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd