(හේමලතා හේවගේ)
මා ඔයේ කාලයක සිට සිදුවන නීතිවිරෝධී වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලා ගොඩ දමන ලද වැලි තොගයක්, බෝට්ටු 03 ක්, වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ තොගයක්, සැකකරුවෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීගමුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
මා ඔයෙහි ඉවුරු ඛාදනය වන අයුරින් කාලයක සිට මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි අනෙක් සැකකරුවන් මා ඔයට පැන පීනා පලාගිය බවත් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සියලු නඩු භාණ්ඩ හෙට (16) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd