IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දේශීය වී අලෙවියේ ගැටලු ඇතැයි ගොවීන්ගෙන් මැසිවිලි

(රෝවන් පෙරේරා පුත්තලම)
තබ්බෝව ජලාශය ඇතුලු වැව්  යටතේ වගාකල දේශීය වී අලෙවි කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවට ගොවීහු මැසිවිලි නගති.


පසුගිය කන්නයේ මැයි මාසයේ පැවති වර්ෂාවත් සමග කන්න හතරකට පසුව ගොවිතැන් ආරම්භ කිරීමේදී වී වගා කිරීම බහුලව සිදුකර ඇති අතර කුඹුරු අක්කර 2000 වැඩි ප්‍රමානයක දේශීය වි වගාව සිදුකර ඇත.


දේශීය වී වගා කිරීමේදී ගොවීන්ට රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිකම හේතුවෙන් පෞද්ගලීක අංශ සමග එක්වී කටයුතු කිරීමට සිදුවී තිබේ.


වි අලෙවි කිරීමේදීද රජය ඒ සඳහා නිසි වැඩ පිළිවලක් සකසා නොමැති බැවින් පුද්ගලික ගැනුම් කරුවන් හට ලබාදීමට සිදුවී ඇති බව ගොවින් කියයි.


වියලි බර 14 ට සකස් කිරීමේදී වී වේලීම සඳහා කිලෝ මීටර 6-7 දුර රැගෙන ඒමට ගොවින්ට සිදුවී ඇත්තේ වී වේලීම සඳහා කමතක් නොතිබීම හේතුවෙන් එම අවශ්‍යතාවය කාපට් මාර්ග උපයෝගී කර ගනිමින් සපුරා ගැනීමටය.


වරින් වර පවතින වර්ෂාව හේතුවෙන් දින ගනනක් වී වේලීම සිදුකිරීමට සිදුවී ඇති අතර එහා මෙහා රැගෙන යෑමට විශාල වියදමක් දැරීමටද සිදුවී ඇති බවත් දේශීය වී ගොවියාට තම වී අලවි කර ගැනීමට අවශ්‍ය ප්‍රමානයට වියලි බර සකසා ගැනීමට වැඩි පිරි වැයක් දැරීමට සිදුවී ඇති බවත් ගොවින් කියයි.


ගොවින් ඉල්ලා සිටින්නේ දේශීය වී කර්මාන්ත නගා සිටුවීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් ලබාදී වී මිලදී ගැනීමේදී පවතින වියලි බරට වඩා අඩු වියලිට (වියලි බර 16-17)මිලදී ගෙන වී වේලීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ නම් ගොවියාට අමතර දැරීමට සිදුවන වියදම් අඩුකර ගැනීමට හැකි වන බවත් අභාවයට යන දේශීය වී කර්මාන්තය නගා සිටුවීමට හැකි වන බවත්ය.


මේ පිළිබඳ විමසීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසීමට උත්සහ කලද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකිවීය.



අදහස් (0)

දේශීය වී අලෙවියේ ගැටලු ඇතැයි ගොවීන්ගෙන් මැසිවිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31861 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14326 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11178 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 246 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 340 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site