(ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා ජීප් රථයක් අද (15) සාලියවැව 18 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා නිලධාරීයෙකු අතුළු භටයන් 5 දෙනෙක් රෝහල් ගත කළ බව සාලියවැව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථයේ ගුවන් හමුදා නිලධාරියෙකු ඇතුළු 6 දෙනෙකු ගමන් කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අනතුරට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සාලියවැව පොලීසිය කීය.