IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්  

ගලේවෙල තලකිරියාගම මිවලපතහ ප්‍රදේශයේ නිවසක සවිකර තිබු විදුලි මිටරයේ වයරයක් ගැලවිමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ඊයේ (12) දා රාත්‍රි 11 පමණ මෙය සිදුවි ඇත.

මිවලපතහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ලක්ෂ්මන් සිරිමාන නැමති මානසික රොගයකින් පෙලෙන අයෙකු මෙලෙස නිවැසියන් නිවසේ නොසිටිි අවස්ථාවේදි නිවස පිටුපස තිබු විදුලි මිටරයේ වයරයක් ගැලවිමට උත්සාහ කලවිටදි විදුලි සැර වැදි මෙන් පසු බරපතල තත්වයෙන් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

ගඩොල් කපා සිය ජිවිකාව රැකගත් ලක්ෂ්මන් මිට කලකට පෙර මානසික රෝගයකින් පිඩා විඳි බවත් මෙලෙස මානසික රොගය උස්සන්න වි සිය නිවසේ තිබු විදුලි මීටරයේ වයරය ගැලවිමට යාමේදි විදුලි සැර වැදි මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශනවලදි හෙලිවි ඇත.

මෙම හදිසි මරණ පරීක්ෂණය අද (13) උදෑසන දඹුල්ල මූලික රෝහලේ පැවැත්විමට නියමිතව තිබිණ
ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.



අදහස් (0)

විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site