IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළොන්න ප‍්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

(අජිත්ලාල් ශාන්තඋයද, ජයන්ත නානායක්කාර සහ ජී.ආර්.ගමගේ)

කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු කමිටු  රැස්වීමට  විරෝධතා පුවරුද රැගෙන පැමිණ විරෝධය පළකිරීමෙන් අද  (23) පෙරවරුවේ එහි දැඩි නොසන්සුන්තාවක්  ඇති විය.

කොලොන්න ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්‍ධයෙන් ඔව්හු මෙම විරෝධතාව දැක්වූහ.

සම සභාපතිවරුන් වන පී.අබේනායක සහ ශාන්ත රත්නායක යන මහත්වරු මෙම සම්බන්‍ධීකරණ රැස්වීමේ මුලසුන දැරූ අතර කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා එහි ලේකම්වරයා ලෙස සහභාගීවී සිටියහ.


කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ‍්‍රවනාගාරයේ දී පෙරවරු 10.30ට පමණ රැස්වීම ආරම්භ විය. 


ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළාත් පාලන ආයතන සභාපතිවරයා, රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ද රැස්වීමට පැමිණ සිටියහ.


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයක් නිසා පලාත් පාලන අයතනවලට තේරීපත්වූ සභිකයන්ට අරාධනා කර  නොතිබු අතර කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ බලය හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් සම්බන්‍ධීකරණ රැස්වීම ආරම්භයේ අනාරාධිතව රැස්වීම් ශාලාවට  විරෝධා පුවරුද රැගෙන පැමිණීමෙන් මෙම කලබලය ඇති විය.


 ඒ වනවිට කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසේන මහතා සම්බන්‍ධීකරණ රැස්වීමට ආරාධිතව පැමිණ සිටියහ. 


කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණට සභිකයන් එකොළහක් සිටිය ද මෙම විරෝධතාවට එක්ව සිටියේ උපසභාපතිවරයා ඇතුලූ සභිකයන් හය දෙනෙක් පමණි. පසුව සභාපතිවරයා ද ඊට එක්වීම කැපී පෙනුණි.


උපසභාපති ඉඳුනිල් රාජපක්‍ෂ සහ සභික ටී.එම්. කුමාරරත්න යන මහත්වරු පළාත් පාලන සභිකයන්ට සම්බන්‍ධීකරණ රැස්වීමට  පැමිණිය නොහැකි ලෙස එවා ඇති චක‍්‍රලේඛය දැඩි ලෙස විවේචනය කළහ.


 සම්බන්‍ධීකරණ රැස්වීම් ශාලාව තුළ  විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් මේ පිරිස කරුණු දක්වද්දී කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී.රූපසේන මහතා ද විරෝධතා දක්වමින් සිටි සභිකයන්ට එකතු විය.


මේ අවස්ථාවේ මූලාසනයේ සිටි සම සභාපති ශාන්ත රත්නායක මහතා රැස්වීමේ තොරතුරු සටහන් කරන නිලධාරියා අමතමින් ‘‘ඇත්ත, නැත්ත කරන මාධ්‍යයක් මෙහෙ තියෙන්නේ සිද්ධවෙන ඒවා හරියට සටහන් කරන්න’’ යැයි කීවේ ය.


කෙසේ වෙතත් පැය භාගයක් පමණ විරෝධතාවේ නිරතව සිටි සභිකයන් පිටව යද්දී කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසේන මහතා ද ඔවුන් සමඟ පිටව ගියේ ය. 



අදහස් (0)

කොළොන්න ප‍්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site