IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වෛද්‍යවරියගේ මාරුව අවලංගු කරන්නයි උද්ඝෝෂණයක්

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරියට ස්ථානමාරුවීමක් ලබා නොයන ලෙස බලකරමින් ගම්වාසින් පිරිසක් අද (20)  පෙරවරුවේ යක්කලමුල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් යක්කලමුල්ලේදී දැවැන්ත විරෝධතාවයක නිරතවිය.


මෙම වෛද්‍යවරියගේ සේවය යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාව සඳහා අවශ්‍ය බැව් විරෝධතාකරුවෝ මෙහිදී පැවසුහ.  ආයතනභාර වෛද්‍යවරිය විසින්  යහපත් මානසිකත්වයෙන් මෙහි සේවය කිරිමට නොහැකි බව පවසමින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව ඇයට කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා  ස්ථාන මාරුවිමක් ලබාදී ඇත.


 වෛද්‍යවරියගේ ඉල්ලීම මත ලබාදී ඇති ස්ථාන මාරුව  වහා අවලංගු කර  ඇයගේ සේවය තවදුරටත්  යක්කලමුල්ල මධ්‍යම  බෙහෙත්  ශාලාව සඳහා ලබා දෙනලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. අඩුම තරමින් මාස දෙකක පමණ කාලයක්වත් ඇය මෙකී බෙහෙත් ශාලාවේ සේවය කරන ලෙස ඔවුහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියහ.



අදහස් (0)

වෛද්‍යවරියගේ මාරුව අවලංගු කරන්නයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31862 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14332 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11180 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site