(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොරාගෙන කොටස් කර විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ සිව් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු රුපියල් ලක්ෂ දාහයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි 8 ක් හා ත්‍රී රෝද රථයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1100ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී පැමිණි ත්‍රී රෝද රථයක් මාර්ග බාධකය ආසන්නයේ දී එය මගහැර යෑමට කළ උත්සාහ කර ඇත. එය පසු පස හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ත්‍රීරෝද රථයේ තිබී මත් කුඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් සිදු කළ වාහන සොරකම් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව කුරුදුවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රථ - යතුරුපැදි කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට