(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොරාගෙන කොටස් කර විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ සිව් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු රුපියල් ලක්ෂ දාහයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි 8 ක් හා ත්‍රී රෝද රථයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1100ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී පැමිණි ත්‍රී රෝද රථයක් මාර්ග බාධකය ආසන්නයේ දී එය මගහැර යෑමට කළ උත්සාහ කර ඇත. එය පසු පස හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ත්‍රීරෝද රථයේ තිබී මත් කුඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් සිදු කළ වාහන සොරකම් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව කුරුදුවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd