IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වීරකැටිය ප්‍රා.සබේ මන්ත්‍රීවරු කරත්තයෙන් සභාවට

අනීෂා මානගේ

 

වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරයෙක් හා උපසභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැග සභා වාරයට පැමිණියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියසේන ලියනපතිරණ මන්ත්‍රීවරයා හා උපසභාපති අනුර අල්විස් මහතා මෙලෙස ගොන් කරත්තයක නැග සභා වාරයට පැමිණ සිටියහ.

වීරකැටිය මීගස්ආර හන්දියේ සිට වීරකැටිය පස්මං හන්දිය අසළට පැමිණ නැවත හැරී වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා මොවුහු ගමන් කළහ.

ඒ අතරතුරදී වීරකැටිය නගරයේ ඉන්ධන පිරවුම්හළට පැමිණ ගොන් කරත්තයේ පිටුපස තිබූ ප්ලාස්ටික් බූලියකට තෙල් පුරවාගෙන යළි වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා ගමන් කළේය.

 



අදහස් (1)

වීරකැටිය ප්‍රා.සබේ මන්ත්‍රීවරු කරත්තයෙන් සභාවට

රවින් Tuesday, 23 October 2018 07:54 AM

හැමදාම ඔය විදියට යනවානම් රටට කියක් ඉතිරි වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site