අනීෂා මානගේ
වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරයෙක් හා උපසභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැග සභා වාරයට පැමිණියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියසේන ලියනපතිරණ මන්ත්‍රීවරයා හා උපසභාපති අනුර අල්විස් මහතා මෙලෙස ගොන් කරත්තයක නැග සභා වාරයට පැමිණ සිටියහ.
වීරකැටිය මීගස්ආර හන්දියේ සිට වීරකැටිය පස්මං හන්දිය අසළට පැමිණ නැවත හැරී වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා මොවුහු ගමන් කළහ.
ඒ අතරතුරදී වීරකැටිය නගරයේ ඉන්ධන පිරවුම්හළට පැමිණ ගොන් කරත්තයේ පිටුපස තිබූ ප්ලාස්ටික් බූලියකට තෙල් පුරවාගෙන යළි වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා ගමන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඔය විදියට යනවානම් රටට කියක් ඉතිරි වේවිද?