(ශාන්ත ප්‍රදීප් කුමාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක් ආධාරයෙන් වීඩියෝ ගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ඩ්‍රෝන කැමරාවක් ද සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවකු බව පොලිසිය කියයි.
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිවසට ඉහළින් අද (25) ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන් ගත කරමින් සිටි පුද්ගලයින් අසලට පැමිණ ඒ පිළිබඳ විමසා අදාල සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුම්වත් කර ඇතැයි පොලිසිය පවසයි.
පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාල ඩ්‍රෝන කැමරාව සහ එහි ක්‍රියාකරුද සමඟ එය මෙහෙයවූ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇත.
පසුව සිදුකළ විමර්ශන වලින් හෙළිවී ඇත්තේ වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන රෝපන වැඩසටහනට අදාලව මෙලෙස රූගත කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ කාපු මිනිහගේ මොලේ දනවා කියන්නේ මේකට තමයි