බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින පාතාල නායකයකු වන මිලන් මාමුලගේ නොහොත් ‘ඌරුජුවා’ නැමැත්තාගේ නියෝග මත හංවැල්ල ඇඹුල්ගම හන්දියේ සියලුම සාප්පු වසා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 28 වැනි දා තියුණූ ආයුධ වලින් කපා ඝාතනය වු පාතාල නායකයාගේ ගෝලයකු වන ජල්තර හේන්විට පදිංචි ජීවන් කුමාර 37 නැමැත්තා අවසන් කටයුතු අද (2) දිනට යෙදී තිබිම වෙනුවෙන් පාතාල නායකයා මෙම නියෝගය නිකුත් කර තිබු බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ හේතුවෙන් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධීයේ දැඩි පාලු ස්වභාවයක් ඉසිලු අතර ත්‍රීරෝද රථ ගාල්වල ත්‍රීරෝද රථ දක්නට නැතැයි එම ආංරචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගිය කලක්.