(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් (2,74,65,332) ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (2) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
28 හැවිරිදි මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
අද (2) අලුයම 1.00 ට සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බ්‍රිතාන්‍ය පවුම් - 19,250 ක් , යූරෝ 95,000 ක් , සෞදි රියාල් 71,500 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 21,000 ක් වශයෙන් වූ මෙම විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd