IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හැටන් ඩිපෝවේ තනතුරු බෙදාගන්න දිය යටින් ගින්දර ගෙනියති

 

රංජිත් රාජපක්ෂ

 

හැටන් ලංගම ඩිපොවේ ඉහළ තනතුරු බෙදා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වූ ආධාරකරුවන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක් වු ආධාකරුවන්  අතර පොරයක් පවතින බව එහි ඩිපෝ ආරංචි මාර්ග පවසයි.

ඩිපෝ කළමණකාර, සහකාර කළමණාකාර (ධාවන), සහකාර කළමණාකාර ඉංජිනේරු, සහකාර කලමණාකාර (මුදල්) යන තනතුරු සදහා එම ආධාරකරුවන් අතර තරගයක් පවතී.

එම තනතුරු සඳහා ඉදිරි පත් වී සිටින කිසිවෙකුටත් සේවා කාලය හැර වෙනත් කිසිදු සුදුසුකමක් නොමැති බව පැවසේ.

එම ඩිපෝවේ ධාවනය කරවන බස් රථවල  රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා ද  එම පක්ෂ දෙකේ ආධාකරුවන් අතර දැඩි තරගයක් පවතින බවත්, මෙම තරගකාරි තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයට  සහයෝගය දුන් ආධාරකරුවන් තමන් දැනට දරණ තනතුරුවල අවිනිශ්චිත භාවයක් ඇතිව තවදුරටත් එම ඩිපෝවේ  රාජකාරි සිදු කරමින් සිටියි.

මෙම තත්ත්වය හමුවේ එම ඩිපෝවේ උසස් තනතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් පිරිසකගේ නාම ලේඛනයක් නාරහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටි එම පක්ෂ කාර්යයාලය වෙත යොමු කර ඇති බව එම ඩිපෝ ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (0)

හැටන් ඩිපෝවේ තනතුරු බෙදාගන්න දිය යටින් ගින්දර ගෙනියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site