(සිතුම් චතුරංග)
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සමඟ තරුණයකු අද (03) දහවල් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
සැකකරු මෝටර් රථයකින් තවත් පුද්ගලයින් තිදෙනකු සමඟ පැමිණ ව්‍යාජ මුදල් ලබාදී මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා උත්සහ දරා ඇති අතර ඒ පිළිබඳ වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොර ආරච්චි මහතාවෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටලගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු සතුවූ මුදල්වල වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දාහක් බවද කීය.
පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ මෝටර් රථයේ සිටි තිදෙනකු පලාගොස් ඇති අතර එම පලාගිය පිරිස පොලිසිය විසින් මේ වනවිට හදුනාගෙන තිබෙන බවත්ය.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවටගැනීමට විශේෂ විමර්ශණයක් ආරම්භ කොට ඇති බවද සඳහන් කළේය.
සැකකරු පුත්තලම, මරදන්කුලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකි.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාජ නෝට්ටු සමග තරුණයකු අත්අඩංගුවට