නිට්ටඹුවේ වෙළෙඳසලක ගින්නක් නිට්ටඹුව නගරයේ ප්‍රධාන මංසනිදිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙදසැලක අද සවස ඇතිවූ ගින්නක් නිවා දැමීමට ගමපහ මහ නගර සබා ගිනි නිවිම් ඒකකය මේ වනවිට මහත් වෙහෙසෙක් ගනිමින් සිටී. 11 March 2019
‘‘රන් නැණ පහණ‘‘ ශිෂ්‍යත්ව ප්‍රධානය අගමැති ප්‍රධානත්වයෙන් මෙරට ආර්ථිකයට වැඩිම විනිමය ප්‍රතිශතයක් ලබාදෙන මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවල සේවයේ නියුතු විගමනික දෙමාපියන්ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ ‘රන් නැණ පහණ’ වැඩසටහනේ ආරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 11 March 2019
ප්‍රතිත්‍රස්ත පනත එපා යැයි කොටුවේ විරෝධතාවයක් ප්‍රජාත්‍රන්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු, ජනතා අරගල මැඩලන ප්‍රතිත්‍රස්ත පනත එපා යන ඉල්ලිම් මුල්කරගනිමින් වෙනසක තාරුණ්‍ය සංවිධානය කළ විරෝධතාවක් අද (11) කොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. 11 March 2019
හිටපු වනජීවී ඇමැතිට තලාවේදී හූ සංග්‍රහයක් වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ඉල්ලා අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අනුරාධපුර තලාව - ජයගඟ මංසන්ධියේදී අද (11) පැවැති විරෝධතාවක් අතරතුර එම ස්ථානයට පැමිණි අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට විරෝධතාකරුවන් හූ හඬින් සංග්‍රහ කරනු ලැබීය. 11 March 2019
හෙරොයින්, ජීව උණ්ඩ, ගිනි අවි සමඟ යුවළක් අත්අඩංගුවට මොරටුව රාවණාවත්ත නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 200කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක්, ජීව උණ්ඩ තොගයක් සහ ගිනි අවි දෙකක් සමඟ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවසීය. 11 March 2019
රිය අනතුරකින් මව මරුට: පුතු රෝහලේ කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, නාච්චිකල්ලිය ප්‍රදේශයේදී අද(11) ත්‍රී රෝද රථයක් ලොරියක ගැටීමෙන් කාන්තාවක මිය ගොස් පුද්ගලයකු සුළු තුවාල ලබා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 11 March 2019
රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් වංචා කළ බවට සැකපිට පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 11 March 2019
උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු උතුරුමැද පළාතේ පාසල් 810 ගුරුවරුන් 15,900 හා විදුහල්පතිවරු 1017 ක් 13 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර සේවය වර්ජනය කිරිමට තීරණය කර ඇතැයි ගුරු සංගම් පවසයි. 11 March 2019
කුවේට්හිදී වද හිංසාවලට ලක්වූ පිරිසක් දිවයිනට ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසා වලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු එල් 230 දරණ ගුවන් යානයෙන් අද (11) දිවයිනට පැමිණියහ. 11 March 2019
ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මතුගම බටුමුල්ල කන්ද විහාරස්ථානය අසළදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 11 March 2019
කැබ් රියක අලියෙක් ගැටී අයෙක් මරුට පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී අද (11) කැබ් රථයක වල් අලියකුගේ හැපීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි. 11 March 2019
තලවිල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 105ක් අත්අඩංගුවට තලවිල ශාන්ත ආනා පුදබිමේ කඳවුරු ආශ්‍රිතව අද (10) දින කරන ලද, වැටලීම් වලින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 105 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි. 10 March 2019
නීතිවිරෝධීව ගංජා වගාකළ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස සිය ගෙවත්තේ ගංජා පැල කිහිපයක් වගාකළ පුද්ගලයෙක් අඩියක් පමණ උස්ව වැඩුණු ගංජා පැල හතක්ද සමඟ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ බදුල්ල ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 10 March 2019
දෙමෝදර රක්ෂිතයේ ගින්නක් දෙමෝදර , බොන්දිලිගල කඳු රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතී 10 March 2019
අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් අම්පිටියේදී විවෘත කෙරේ අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ දී අද (10) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 10 March 2019
බඹරු ඇනලා තිදෙනෙක් රෝහලේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බල්ලකෙටුව හිඳගල දෙමළ විදුහල අසළදී අද(10) සිදු වූ බඹර ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි. 10 March 2019
ශා. ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නකින් අක්කර 100 ක් විනාශයි තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හටගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි තලවකැලේ පොලිසිය පවසයි. 10 March 2019
බලපත් නොමැතිව ගල් බෝර දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට පතල් හා භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව බිම හෙළා තිබූ විශාල ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරීමට ගල් බෝර දැමූ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2019
නුවරඑළියේ කඩ පෙළක ගින්නක් නුවරඑළිය නගරයේ, පරණ කඩ වීදියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳසැල් දෙකකට බරපතල අලාභ හානි සිදුවිය. 10 March 2019
කම්හලකින් කෝටියක ඇඳුම් සොරාගත් දෙදෙනෙක් දැලේ මතුගම වෑත්තෑව ප්‍රධානපෙළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් 10,800,000ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගත් බව කියන කාන්තාවක් හා පුරුෂයෙකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 10 March 2019
නාඳුනන පිරිමි මළ සිරුරක් බෝක්කුවක් යට හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අංක 124 කිලෝමීටර් කණුවට ආසන්නයේ පිහිටි බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (10) හමු වූ බව හබරණ පොලීසිය කියයි. 10 March 2019
නිවසක සඟවා තිබු ගිනි අවි 8ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට රිදීමාලියද්ද කන්දෙගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකදී එහි නිවෙස් දෙකක සඟවා තිබූ බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන බට තුවක්කු හයක් (06) සැකකරුවන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 10 March 2019
මුදල් වංචා සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලැබ සිටි අයෙක් අල්ලයි පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් කැබලි ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලබා සිටි පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 10 March 2019
නරක් වු අර්තාපල් තොගයක් දඹුල්ලේ ගබඩාවක ආහාරයට නුසුදුසු අර්තාපල් අල තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදී දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය මඟින් සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබේ. 10 March 2019
නීතිවිරෝධී දුම්වැටි සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2019
කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අසුවූ විශාලතම කේරල ගංජා තොගය අලුත්ගම දර්ගා නගරයේදී අද (10) සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව කළුතර නීතිය බලගැන්වීමේ නිලධරයෝ පවසති. 10 March 2019
අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට බගවන්තලාව , පෙට්රොසෝ වතුයායේ තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් සැකපිට අද (10) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා පැවසිය. 10 March 2019
තඹ සොරාගත් සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගාල්ල බටදූව පෞද්ගලික ආයතනයක ගබඩාව බිඳ රුපියල් 47,000/- ක් වටිනා තඹ කම්බි සහ තඹ පටි කිලෝ ග්‍රෑම් 97ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ආයතනයේම සේවකයින් දෙදෙනෙක් අද (09) සවස අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි. 09 March 2019
දැරියක් ළිඳකට වැටී මියයයි වයස අවුරුදු 12ක පමණ දැරියක ළිඳකට වැටීමෙන් අද (09) දහවල් මිය ගොස් තිබේ. 09 March 2019
රත්‍රං කොල්ලකරුවන් කොටුවෙයි මහියංගන පරගම්මන ඉස්ලාම් ගම්මානයේ නිවසක තිබු ලක්ෂ 18ක රත්‍රං බඩු හා මුදල් පැහැරගෙන පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු 09 දින අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරිම් හමුවේ සොරකමට සම්බන්ධ සියලු තොරතුරු පැය 24ක් යෑමට පෙර අනාවරණය කරගත් බවත් සොරකමට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙක්ද, ඊට අනුබල දුන් ඉස්ලාමිය පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව රිදිමාලියද්ද පොලිසිය පැවසීය. 09 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026