කුඩාවැල්ල ගම්වැසියෝ විරෝධයක තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ගම්වැසියෝ අද (07) විරෝධතාවයක් ඇරඹුහ. 07 March 2019
හොරොයින් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ ඊසි කෑෂ් ක්‍රමයට ජංගම දුරකතනය ඔස්සේ මුදල් ලබාගනිමින් හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් බදුල්ල පිංඅරාවේදී බදුල්ල පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ. 06 March 2019
රියදුරු බලපත්‍රය උදුරාගෙන පළාගිය තරුණිය අත්අඩංගුවට පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ බාරයේ තිබු තාවකාලික රියදුරු බලපත්‍රයක් පැහැරගෙන ත්‍රිරෝද රියකින් පලා යාමට උත්සාහ කළ තරුණියක් අද (06) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 06 March 2019
සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පාගමනක දින නියමයක් නොමැතිව වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය නැවත වහාම විවෘත කරන ලෙස සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් පාලකයන්ට බලකර පැවැත්වූ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහිත පා ගමනක් අද (6) පැවැත්විණි. 06 March 2019
මධ්‍යම පළාතේ ශිෂ්‍යත්වය තහනම් කරන බව ආණ්ඩුකාරවරයා කියයි මධ්‍යම පළාත තුළ ඉදිරියේ දී 5 වසර ශිෂ්‍යත්ව විභාගය තහනම් කර දැමීමට කටයුතු කරන බවත් පාසල්වල දරුවන් 100 ට අඩුවෙන් පවත්වා ගෙන යන විදුහල්පතිවරුන්ට ස්ථානමාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය. 06 March 2019
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ් පානදුර අධිකරණ භූමියේදී පුද්ගලයකුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් මොරන්තුඩුව පොලිස් කොස්තාපල්වරයකු මාර්තු 19වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා ද සිල්වා මහත්මිය නියෝග කළාය. 06 March 2019
පෙරියකඩෙයි පල්ලිය අසළ දිරාගිය ක්ලේමෝ බෝම්බයක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බර දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී අද(06) සොයාගත් බව මන්නාරම පොලිසිය කියයි. 06 March 2019
ධීවර යාත්‍රා මුරකරුවන්ටත් හැඳුනුම්පතක් ධීවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර ඔවුන්ට හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි. 06 March 2019
යාපනයේ අල ගොවීන් අමාරුවේ අර්තාපල් සඳහා සහනදායි මිලක් නොමැති වීමත් ආනයනික අර්තාපල් හේතුවෙන් ගැටලු රැසක් ඇති වීමත් හේතුවෙන් යාපනයේ ගොවීහු පීඩාවට පත්ව සිටිති. 06 March 2019
වී මිල වැඩි කරන ලෙස ඉල්ලා ගොවියෝ විරෝධතාවයක වී මිල වැඩිකරන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන ගොවි විරෝධතාවක් අද (6) පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව ඉහළපුයන්කුලම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 06 March 2019
උහන පාසලකට වල් අලි කඩා වදිති අම්පාර අධ්‍යාපන කලාපයට අයත් උහන ගලපිටගල මහාවිද්‍යාල පරිශ්‍රයට අද (6) කඩා වැදුණු වල් අලි රංචුවක් ආරක්ෂිත යකඩ වැට කඩා දමා තිබේ. 06 March 2019
කාසල්රී - මාවුස්සාකැලේ ජල මට්ටම පහළට මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසිය. 06 March 2019
ලක්ෂ 14ක පාපැදි සොරාගත් දෙදෙනෙක් දැලේ වැල්ලම්පිටිය සේදවත්තේ පිහිටි විදේශ රටවලින් පාපැදි ආනයනය කරන සමාගමක ගබඩාවකින් රුපියල් 1,400,000 පමණ වටිනා පාපැදි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අද(06) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 06 March 2019
බක්මිටියාවේ ගංජා හේනක් ගිනිතබා විනාශ කරයි අම්පාර බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ සරුවට වැඩුණ ගංජා හේනක් අද (05) ගිනිතබා විනාශ කළ බව දමන පොලිසිය කියයි. 05 March 2019
විදේශීය කත දුෂණය කළ සැකකරු රිමාන්ඩ් තම පෙම්වතා ගැනිමට කටුනායක ගුවන් තොටුපලට යාමට සිටි විදේශිය කාන්තාවක් රවටා රැගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය. 05 March 2019
ජීව උණ්ඩ 200 ක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ උරණිය ප්‍රදේශයේ නිවසක තිබී ජීව උණ්ඩ 200 ක් සමඟ සැකකරුවෙකු අද (05) අත් අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 05 March 2019
වෛද්‍යවරු නොමැතිව පුත්තලම රෝහලේ දැඩිසත්කාර ඒකකය වසා දමයි නිර්වින්දන වෛද්‍යවරු නිසි පරිදි නොමැති වීමෙන් පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි වාර්තාවේ. 05 March 2019
පෙට්‍රල් බෝම්බ ගසා පුද්ගලයකුට තුවාල කළ අඹු සැමි යුවළ රිමාන්ඩ් පෙට්‍රල් බෝම්බයකින් ගසා යාබද ඉඩමේ පදිංචි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර මිනි මැරිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අඹු සැමි යුවලක් 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය. 05 March 2019
හොරෙන් කැපූ බුරුත දැව සමඟ පුද්ගලයෙක් අල්ලයි නීති විරෝධී ලෙස කපන ලද බුරුත දැව තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 05 March 2019
උල්ලක්කාලෙයි කළපුවේ තහනම් ධීවර දැල් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (05) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. 05 March 2019
කොළඹ- මඩකලපුව දුම්රිය මාර්ගයේ ගල් තබා විරෝධතා ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(05) වැලිකන්ද ප්‍රදේශයේදී පැවැත්විණි. 05 March 2019
ග්‍රාම නිලධාරීහු වීදි බසිති ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද(05) පොල්දූව හන්දියේදී පැවැත්විණි. 05 March 2019
ආයුධවලින් පහරදී කළමනාකරුවකු ඝාතනය කෙරේ මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී රක්ෂණ සමාගමක කළමනාකරවරයකු අද(05) තියුණු ආයුධවලින් පහදී ඝාතනය කර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 05 March 2019
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට ඌව පරණගම මොරගොල්ල ගල්ගේවත්ත ප්‍රදේශයේ නිවසකදී අද (5) විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතයි ඌව පරණගම පොලීසිය පවසයි. ගල්ගේවත්ත , වැලිමඩ , ලිපිනයේ පදිංචි බන්දුල මාතර බඩල්ලගේ නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් තිබේ. 05 March 2019
යතුරුපැදි සොරකම් කර විකිණූ දෙදෙනෙක් අල්ලයි යතුරු පැදි සොරා ගෙන ඒවා කොටස් කර කෑලි වශයෙන් විකිණීමේ යෙදී සිටි බව කියන පාසල් වියේ තරුණයින් දෙදෙනෙකු යතුරු පැදි කොටස් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 05 March 2019
ගොවි සංවිධාන රැසක ගොවියෝ පාරට බසිති වී කිලෝවක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මෙන්ම මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන රැසක සාමාජිකයෝ පිරිසක් අද (5) උද්ඝෝෂණයක් ඇරඹුහ. 05 March 2019
නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (5) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 March 2019
විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට හල්දුම්මුල්ල වෑඑළිය මීගස්තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (05) වන අලියෙකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි. 05 March 2019
විදුලි සැර වැදී පුද්ගලයෙක් රෝහලේ - ගෝනෙක් මරුට සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් කුරුදුගහ දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට හා පුරුෂයකුට අද (05) විදුලිසැර වැදී ඇති බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් ඇල්පිටිය පොලිසිය පවසයි. 05 March 2019
එළවළු ලොරිය පෙරැළී 5ක් රෝහලේ දඹුල්ලේ සිට වාලච්චේන දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අද(05) මනම්පිටිය ආච්චිබෝක්කුව අසළදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. 05 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026