ගිනිඅවි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී ගිනිඅවි හා මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසිය. 15 March 2019
ලක්ෂ 2ක නීතිවිරෝධී මත්පැන් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට වැල්ලවත්ත හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී ප්ලාස්ටික් ජල බෝතල් ආකාරයෙන් සැකසූ රුපියල් 200,000කට ආසන්න නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 15 March 2019
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. 15 March 2019
ජපන් යවන බව කියා තරුණයන් රැවටූ දෙදෙනෙකු දැලේ ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් තරුණයන්ගෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 15 March 2019
විලච්චිය විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයක විලච්චිය දුණුමඩලාව විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරුකිරීමට හා පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමාපියවරු සහ පාසල් සිසුහු අද (15) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ. 15 March 2019
බණ්ඩාරගම ජල ගබඩාවේ ජලය විකිණූ 3ක් අත්අඩංගුවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ගබඩාවෙන් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ හොර රහසේ ජලය මුදල් වලට විකිණූ ආරක්ෂක නිලධාරියෙක් සහ ජල බවුසර් රියදුරන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 15 March 2019
කොළඹ මහජන පුස්තකාලයට ඩිජිටල් පහසුකම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය ආයතන හා ඒකාබද්ධවී කරගෙන යන ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලයත් ඩිජිටල් පහසුකම් ලබා දී තිබේ. පුස්තකාලවල ඩිජිටල් සේවා සැපයීම ලෙසින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලයට පහසුකම් දී තිබේ. 15 March 2019
වෑන් රථය කොල්ලකා හිමිකරුවත් රැගෙන යමින් සිටි පහක් අල්ලයි වනගමුව රනාල ජනසවි මාවත ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා වෑන් රථ හිමිකරුගේ අත් පා බැඳ රැගෙන යමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 15 March 2019
නිධන් ගන්න ගිය හිමි නම ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට තලංගල්ල , මල්ගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරිමට සුදානම්වූ හිමිනමක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය පවසයි. 15 March 2019
පාක්ෂිකයෙකුට පහර දුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට විතාරන්දෙනිය දංඅත්තවලදී පාක්ෂිකයෙකුට පහරදුන් බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි. 15 March 2019
කොළඹ ආපනශාලා ගැටලු දැනුම් දෙන්න දුරකතන අංකයක් කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලාවල ආහාර පිළිබඳව ගැටලු ඇතිනම් ජනතාවට තොරතුරු ලබා දිය හැකි විශේෂ ක්ෂණික ඇමැතුම් අංකයක් කොළඹ නගර සභාව හදුන්වා දී ඇත. 14 March 2019
කලා වැවෙන් හමුවූ අලි පැටවාගේ සිරුර ගැන පරීක්ෂණ කලාවැව ජාතික උද්‍යානයේ තිබී හමුවූ අභිරහස් ලෙස මියගිය වල්අලි පැටවකුගේ සිරුරක් සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්විණි.කලාවැව ජාතික උද්‍යානයේ දඹේවටනමුල්ල රඹවල ප්‍රදේශයේ තිබී අලිපැටවාගේ සිරුර හමුව තිබිණි. 14 March 2019
හානි වූ පාසල්වලට උපකරණ බෙදා දෙයි ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ වැසි සහිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අලාභහානි වූ පාසල්වලට උපකරණ බෙදා දීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (14) පැවැත්විණි. 14 March 2019
මගියෙක් පහර දුන්නැයි බස් ධාවනයෙන් ඉවත් කරගනී කොන්දොස්තරවරයකුට පහරදුන් බව කියන මගියෙක් අත්අඩංගුවට නොගත්තේ යැයි කියමින් බළන්ගොඩ සිට රත්නපුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ අද (14) දහවල් 12.00න් පසු ධාවනයෙන් ඉවත්ව ඇති බව මගීහූ කියති. 14 March 2019
කතරගම ගම් උදාවට පානීය ජලය නොමැති වීමෙන් ගැටළු රැසක් කතරගම ජල සම්පාදන මණ්ඩලය මගින් ‘ගම්උදාව ‘ ටැංකි වෙත පානීය ජලය සපයනු ලබන අඟල් 8 ප්‍රමාණයේ නළයකින් විශාල ජල කාන්දුවක් ඇතිවී වසරකට වැඩි කාලයක් දෙටගමුව වැවට ගලායෑම හේතුවෙන් ගම්මාන රැසකට ප්‍රමාණවත්ව පානීය නළ ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 14 March 2019
යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට සෙවනගල රන්වැලිගම සමාධිපුර ප්‍රදේශයේ දී ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (14) යතුරුපැදිකරු මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 14 March 2019
සබරගමු සිසුහු පාරට බසිති සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ අද (14) දා දහවල් විරෝධතායක නිරත වුහ. 14 March 2019
බදුල්ලේ ඇගලුම් සේවක සේවිකාවෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වදිති බදුල්ල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් පමණ දෙනාට මාස දෙකක් මාසික වැටුප නොලැබීම නිසා අද (14) දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වැදී තම ගැටලුවලට විසදුම් දෙන තෙක් එහි නිලධාරීන් නිවාස අඩස්සියට ගෙන විරෝධතාවයක නිරතව සිටින බව පොලීසිය කියයි. 14 March 2019
ජනපති නියමයෙන් වැව්වල බෝවන ශාක ඉවත් කිරීම අරඹයි ජනපති නියමයෙන් වැව්වල පිරී ඇති ජලජ ශාක ඉවත්කිරීම අද (14) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. 14 March 2019
බිල්පත වැරදියට සකස් කළැයි මනු කියවන්නාට පහර දීලා විදුලි බිල්පත වැරදි සහගත ලෙස සකස් කළැයි උරණ වූ පුද්ගලයකු විසින් විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරිවරයකුට අද (14) පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 14 March 2019
කෝන්ගස්තැන්න හන්දියේ ගම්වැසියෝ විරෝධතාවයක බළන්ගොඩ සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන මාර්ගය වැලිගෙපොල, කෝන්ගස්තැන්න හන්දියේ දී මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු අද (14) උද්ඝෝෂණයක් පැවැත්වුහ. 14 March 2019
හොරට සීල් කැපූ තැපැල් සේවකයෙක් අත්අඩංගුවට එප්පාවල පොලිස් ස්ථනාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි. 14 March 2019
පාසැල් සිසුවියව අපහරණය කළ පෙම්වතා රිමාන්ඩ් පහළොස් හැවිරිදි පාසැල් සිසුවියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි තරුණයකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළාය. 14 March 2019
හලාවත අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට හලාවත කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය පම්බල දී අද (14) සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු මිය ගිය බව මාදම්පේ පොලිසිය කියයි. 14 March 2019
සුළු - මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ අලෙවිකරණ ගැටලු විසඳන්න සැලැස්මක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ නිරත වූවන්ගේ අලෙවිකරණ ගැටලු විසඳා ගැනිම සඳහා අලෙවිකරණය සහ අලෙවි සැලැස්මක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 13 March 2019
මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා සිහිකර උත්සවයක් සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කතුවරයකු වන අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා මහතා සිහිපත් කරමින් විශේෂ උත්සවයක් කොළඹ හැව්ලොක් සිටිහි ක්ලබ් හවුස්හිදී අද (12) පැවැත්විණි. 13 March 2019
තහනම් තංගුස් දැල් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (13) අනුරාධපුර නොචිචියාගම ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වටලීමකදී තහනම් තංගුස් දැල් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 13 March 2019
පොලිසිය සමඟ පොරබැදූ තරුණයා රෝහලේ හෙරොයින් ළඟ තබාගෙන සිටි බවට සැකකරන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය බදුල්ල පෙලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ එම තරුණයා පොරබැදීමේදී ඔහු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 13 March 2019
කියුබ් 35ට වඩා අඩුනම් පස් ඉවත් කරන්න බලපත්‍ර නෑ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ හා බැඳුණු කාර්යයන් සිදුකිරීමේදී පස් කියුබ් 35ට වඩා අඩු පස් ඉවත් කිරීම සඳහා පවතින බලපත්‍රය අහෝසි කර ග්‍රාම සේවා නිර්දේශය මත පමණක් සලකා පස් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දෙන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ලංකාදිපයට පැවැසීය. 13 March 2019
මරා දැමීමමට සිටි කැබැල්ලෑවෙකුගේ ජීවිතයක් බේරා ගනී බදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේදී සතුන් දඬයම් කරන ස්ථානයක් වටලා එම ස්ථානයේ උගුලකට හසුකර මරා දැමීමමට සිටි කැබැල්ලෑවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට බදුල්ල පොලිසියේ නිලධාරීන් සමත් වී තිබේ. 13 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026