(දයාරත්න ඇඹෝගම)
එප්පාවල පොලිස් ස්ථනාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ තැපැල් හළක සේවය කරන 25 හැවිරිදි තැපැල් සේවකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකාර තැපැල් සේවකයා පසුගිය දිනක එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණ සිය සේවය ස්ථිර කර ගැනීමට පොලිස් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබු බව පොලිසිය කියයි.
මෙම සැකකරු පුද්ගයකුට අවි පෙන්වා තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් අපරාධයක් සිදු නොකළ බවට සහතිකයක් නිකුත් කළ නොහැකි බව පොලිසිය විසින් ඔහුට දැනුම් දී තිබේ.
සැකකරැ අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ " රජයේ සේවකයෝ " තමයි තමන් සේවය කරන ආයතනය .. විනාශයට පමුණුවන්නේ . කොතන බැලුවත් ලොක්කගේ ඉඳල පොඩි එකාට යනකන් " දුෂකයෝ "