(දයාරත්න ඇඹෝගම)
එප්පාවල පොලිස් ස්ථනාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ තැපැල් හළක සේවය කරන 25 හැවිරිදි තැපැල් සේවකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකාර තැපැල් සේවකයා පසුගිය දිනක එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණ සිය සේවය ස්ථිර කර ගැනීමට පොලිස් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබු බව පොලිසිය කියයි.
මෙම සැකකරු පුද්ගයකුට අවි පෙන්වා තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් අපරාධයක් සිදු නොකළ බවට සහතිකයක් නිකුත් කළ නොහැකි බව පොලිසිය විසින් ඔහුට දැනුම් දී තිබේ.
සැකකරැ අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට සීල් කැපූ තැපැල් සේවකයෙක් අත්අඩංගුවට
ravi Thursday, 14 March 2019 07:59 AM
අපේ රටේ " රජයේ සේවකයෝ " තමයි තමන් සේවය කරන ආයතනය .. විනාශයට පමුණුවන්නේ . කොතන බැලුවත් ලොක්කගේ ඉඳල පොඩි එකාට යනකන් " දුෂකයෝ "