(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් පමණ දෙනාට මාස දෙකක් මාසික වැටුප නොලැබීම නිසා අද (14) දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වැදී තම ගැටලුවලට විසදුම් දෙන තෙක් එහි නිලධාරීන් නිවාස අඩස්සියට ගෙන විරෝධතාවයක නිරතව සිටින බව පොලීසිය කියයි.
අගලුම් සේවක සේවිකාවන්ට එම කර්මාන්ත ශාලාවේ පරිපාලනය විසින් දිගින් දිගටම සිදුකරන අකටයුතුකම් සහ මාසික වැටුප නොදීම යන කරුණ හේතුවෙන් කම්කරු කාර්යාලයට කිහිපවතාවක්ම පැමිණිළි ඉදිරිපත් කළත් කම්කරු නිලධාරීන් තමනට කිසිදු සහනයක් නොදීම නිසා කාර්යාලයට කඩා වැදී උද්ඝෝෂණයක නිරත වු බව ඇගලුම් සේවක සේවිකාවෝ කියති.
කාර්යාලය තුළට කඩාවැදුන ඇගලුම් සේවක සේවිකාවන් කෑකෝගසමින් හු කියමින් නොසන්සුන් අයුරින් ඉහැසිරෙද්දී කාර්යාලයේ සේවය කරන සේසු නිලධාරීන් අසුන්වලින් ඉවත්ව කුඩාකාමරයකට ගොස් සිටින අයුරු දක්නට ලැබිණ.
බදුල්ල දිස්ත්‍රික් කම්කරු නිළධාරී අරවින්ද පතිරණ මහතා කාමරයකට දමා දොර වසා තිබේ. කම්කරු නිලධාරී අරවින්ද පතිරණ මහතාගෙන් විමසුවිට කියා සිටියේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සියල්ලම එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ අදාළ බලධාරීන්ට ඉදිරිපත් කර තිබෙන බවයි.
බලාධාරීන් ජනවාරි මාසයේ වැටුප් දැමීමත් සමග පිරිස විසිර ගියහ.





2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලේ ඇගලුම් සේවක සේවිකාවෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වදිති