IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කියුබ් 35ට වඩා අඩුනම් පස් ඉවත් කරන්න බලපත‍්‍ර නෑ

(නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ හා බැඳුණු කාර්යයන් සිදුකිරීමේදී පස් කියුබ් 35ට වඩා අඩු පස් ඉවත් කිරීම සඳහා පවතින බලපත‍්‍රය අහෝසි  කර ග‍්‍රාම සේවා නිර්දේශය මත පමණක් සලකා පස් ප‍්‍රවාහනය කිරීමට අවසර ලබා දෙන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ලංකාදිපයට පැවැසීය.

මෙයට පෙර එම බලපත‍්‍ර ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ ඉදිකිරීම් සඳහා අනුමත සැළැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණි.

එමෙන්ම මාර්ග ඉදිකිරීම, බෝක්කු ඉදි කිරීම් ආදී ඉදිකිරිම් වලදී  පස් කියුබ් 50ට වඩා අඩු පස් ඉවත් කිරීම සඳහා පවතින බලපත‍්‍රය අහෝසි  කරමින් ග‍්‍රාම සේවා නිර්දේශය මත ප‍්‍රදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන බලපත‍්‍රයක් මත පමණක් සලකා පස් ප‍්‍රවාහනය කිරීමට හැකි වන පරිදි එම බලපත‍්‍රය ලිහිල් කර තිබේ.

මෙයට පෙර එම බලපත‍්‍ර ලබා ගැනීම සඳහා දිස්ත‍්‍රික් ලේකම්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය , මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ආදී ආයතන ඇතුළත් දිස්ත‍්‍රික් කමිටුවක් මගින් ඒ සඳහා අනුමැතිය ලබා දිය යුතුව තිබුණි.

පස් කියුබ් 50ට වඩා වැඩි පස් ඉවත් කිරීම සඳහා බලපත‍්‍ර ලබාදිමේ බලය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට හිමි වන පරිදි  නව නීති සකස් කර  ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනතාවගේ පහුසුව වෙනුවෙන් විෂය භාර අමාත්‍ය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ උපදෙස් මත මෙම පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වාණිජ පරමාර්ථයෙන් සිදුකරන පස් කැපීම් ඉවත් කිරීම් සහ ගොඩකිරිම් සඳහා මෙම ලිහිල් කිරීම් අදාළ නොවන බවද මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

කියුබ් 35ට වඩා අඩුනම් පස් ඉවත් කරන්න බලපත‍්‍ර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site