( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
පවතින නඩුවේ තවත් එක් වාර්තාවක් පරිවර්තනය නොවීම හේතුවෙන් එම වාර්ථාවද පරිවර්තනය කිරීමෙන් අනතුරුව නඩු තීන්දුව 22 වනදා වන විට ලබා දිය හැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය.
එමෙන්ම ලබන මාර්තු මස 22 වනදා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත් වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි